ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි බැවින් ප්‍රශ්න වැඩිවී ඇති බවත්, එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ ඊයේ (29) පැවති සාකච්ඡාවකදී රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
තිස්ස වැව හෑරීමේ ව්‍යාපෘතිය සිදුකරගෙන යාමේදී ඊට විරුද්ධව ක්‍රියාකරන්නේද ආණ්ඩුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රජය ව්‍යාපෘතියක් ආරම්භ කළ පසුව සියලුම අමාත්‍යාංශ එම ක්‍රියාව සමඟ එකට සිටගත යුතු බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී පවසා සිටියේය.










