සියලු ගුරු සංගම් සහ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අතර ඉතා තීරණාත්මක සාකච්ජාවක් අද දහවල් 12.30ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙහිදී දැනට පවතින් වැටුප් විසමතා ප්‍රශ්නය සහ ගුරු වර්ජනය පිළිබදව සාකච්ජා කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.
එහිදී ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පිළිබදව අමාත්‍යවරයා විසින් ගුරු සංගම් නියෝජිතයන් දැනුවත් කිරීමට නියමිතය.
එම රැස්වීමේදී රටේ පවතින මූල්‍ය අර්බූදය අනුව වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බව තීරණය කොට තිබිණ.










