තිස්සමහාරාම උඩුවිල ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථානය වසා දමා ඇතිබව වාර්තා වීම හේතුකොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් විය. Sri Lanka Latest News
ප්‍රදේශයේ විශාල පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ලබා ගැනීමට තිබෙන මෙම රෝහල අද වනවිට “බෙහෙත් දෙනු නොලැබේ” යනුවෙන් දැන්වීම් සවිකර වසා දමා තිබෙනු දැකගත හැකි විය.
රෝහල් පරිශ්‍රය වෙත පැමිණි විපක්ෂ නායකතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මතුව ඇති ගැටලුව පිළිබඳව දැනුවත් කරනු ලැබීය.
මේ තත්ත්වය පිළිබඳව වහා සොයා බලා ඒ පිළිබඳව කඩිනම් විසඳුම් ලබාදෙන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහතික විය.

















