මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පසුගිය දා පාසලකට අයුතු ලෙස ඇතුළු වීමේ චෝදනාව මත සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පසුගිය 3 වනදා ගරුවරුන්ට සහය පළ කරමින් විරෝධතාවයේ නිරත වූ මාවනැල්ල මෙඩේරිගම විද්‍යාලයේ සිසු දරුවන්ගේ දෙමව්පියන්ට තර්ජනය කිරීම හා පහරදීම සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි, බල කරමින් ඊයේ මාවනැල්ල අධ්‍යාපන කලාපයේ ගුරුවරු විරෝධතාවයක ද නිරත වූහ.
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 137 ක ගුරුවරුන් එලෙස මාවනැල්ල පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධය පළ කළහ.










