ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකු අධිපති අද අනාවරණය කළේය
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ බව සදහන් කරමින් ට්විටර් පනිවිඩයක් නිකුත් කර ඇති අතර මෙම ප්‍රමාණය මෙම වසර අවසානය දක්වාම පවත්වාගෙන යන බව එහි දැක්වේ.
ඒ අනුව ලබන වසරේ ජනවාර් 18 වැනි දින ගෙවීමට නියමිත විදෙස් ණය ප්‍රමාණය මෙම මුදලින් පියවා ගත හැකි බව වාර්තා වේ.
ජනවාරි 18 වැනි දින විදෙස් ණය මුදල් ගෙවා ගත නොහැකි වී රට බංකොලොත් වනු ඇති බව විපක්ෂය කියා සිටියද එවැන්නකට ඉඩ නොතබන බවත්. ණය මුදල් නියමිත පරිදි පියවන බවත් කබ්රාල් මහතා රටට කියා සිටියේය.
ඒ අනුව ඒ සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට කබ්රාල් මහතාට මේ වනවිට හැකියාව ලැබී ඇත.