කුරුණෑගල මල්ලවපිටිය තැම්පාන ජලාශය ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (28) සිදුවූ නායයාමෙන් පවුල් 5 ක පුද්ගලයන් 12 දෙනකු අතුරුදහන්ව සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක පැවසුවා.Sri Lanka Latest News
නායයාම සිදුවූ පෙදෙස තුළ නායයාම තවමත් සක්‍රීයව පවතින බැවින් එම ප්‍රදේශයට ගමන් කිරීමට ඇති අපහසුතාවය මත සිදුව ඇති හානිය තක්සේරු කිරීම අපහසුවී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.
අතුරුදන් අයගෙන් පුද්ගලයන් දෙදෙනෙක් හමුවී තිබෙන බව වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළා.
කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගයේ මල්ලවපිටිය පිලීකඩ සිට ඉදුල්ගොඩකන්ද දක්වා ඇති මාර්ගයේ අක්කරයකට ආසන්න විශාල කොටසක් ඊයේ (28) දහවල් නායයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් පිලීකඩ සිට තැම්පාන හරහා ඉඳුල්ගොඩකන්ද දක්වා ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.
රඹුක්කන මාර්ගයෙන් කටුපිටිය හරහා පමණක් එම ප්‍රදේශයට පිවිසීමට හැකිව තිබේ.










