ප්‍රාන්ත රජයන්ට මෙන්ම පෞද්ගලික රෝහල්වලටද එන්නත් ආනයනය කිරීම සදහා අවසර ලබා දීමට මැලේසියාව තීරණය කොට ඇත.
එරට ජාතික එන්නත් වැඩසටහනේ සම්බන්ධිකාරක වන විද්‍ය හා තාක්ෂණ නව නිපැයුම් අමාත්‍ය කයිරි ජමලුඩීන් පවසන්නේ මැලේසියාවේ අනුමත කරන ලද එන්නත් පමණක් නොව අනුමත කර නොමැති කොරෝනා එන්නත් පවා ගෙන්විය හැකි බවකි.
මේ වනවිට මැලේසියාවේ අනුමත කර ඇත්තේ සිනොවැක්, ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත් පමණි.
සයිනොෆාම් සහ මොඩර්නා එන්නතට තවමත් එරට අනුමැතිය හිමිව නැත.
නමුත් එම එන්නත්ද ආනයනය කළ හැකි බවත් ජමලුඩීන් මහතා පෙන්වා දී ඇත.










