• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගල හමුවේ ලොව රටවල් බිද වැටෙද්දී රනිල් රට යථා තත්ත්වයට පත් කළා! මහින්දානන්ද රනිල්ගේ හොඳ කියයි! I Sri Lanka Latest News

July 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගල හමුවේ ලොව රටවල් බිද වැටෙද්දී රනිල් රට යථා තත්ත්වයට පත් කළා! මහින්දානන්ද රනිල්ගේ හොඳ කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ ඇති වූ අරගල හමුවේ බොහෝ රාජ්‍යයන් බිඳ වැටී වසර ගණනාවක් අරාජිකව පැවතුණද, ශ්‍රී ලංකාව වසරක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය හේතු වූ බව පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ සහ මහජන නියෝජිතයන්ගේ මෙන්ම පොදු දේපළ විනාශ කළ දිනය ලෙස ජූලි 09වනදා ඉතිහාසයට එක්ව ඇති බව සිහිපත් කළ මන්ත්‍රීවරයා මෙම අරගලයට මුවාවි කැරලිකරුවන්ට තිබූ න්‍යාය පත්‍රය කුමක්ද කියා අද වන විට අධිකරණ ක්‍රියාවලිය හමුවේ අනාවරණය වෙමින් තිබෙන බවද සඳහන් කළේය.

පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට – සැවෙම එකමගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබු මාධ්‍ය හමුවට එක් වෙමිනි.

කිසිවෙකු රට භාර ගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක රට භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රටේ ආර්ථිකය යළි ගොඩනඟමින් සිටින බව සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවසීය
විවිධ ගෝලීය හේතුන් මත මෙන්ම එවකට රජය ගත් ඇතැම් තීන්දු තීරණ නිසා රජයට විරුද්ධව රටේ විශාල ජන මතයක් ගොඩනැගුණා. අරගලයට මිනිසුන් පැමිණීම වෙනුවෙන් සාධාරණ හේතු තිබුණා. පැය 13ක විදුලි කප්පාදුවක් සිදු වුණා. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් නිසා දෛනිකව ජනතාව බොහෝ පීඩාවට පත් වුණා. ජනතාව මුහුණ දුන් සමාජ ආර්ථික පීඩනය අපිත් දැක්කා.
මෙම තත්ත්වය තුළ සාමකාමී අරගලයට සම්බන්ධ වූ ජනතාවට ගෙවල් ගිනි තැබීමට, මිනිස්සු මරා දැමිමට අවශ්‍ය වුණේ නැහැ. නමුත් අරගලයට මුවාවි කැරලිකරුවන්ට තිබූ න්‍යාය පත්‍රය කුමක්ද කියා අද වන විට අධිකරණ ක්‍රියාවලිය හමුවේ අනාවරණය වෙමින් තිබෙනවා.
අරගලයට සම්බන්ධ වු ඇතැමුන්ගේ ගිණුම්වලට විදෙස් රටවලින් කෝටි ගණන් මුදල් ලැබී තිබෙනවා. මේ වන විටත් අධිකරණයේ ඇති නඩුවකට අදාළ විත්තිකාර පාර්ශ්වයක ගිණුමට මුදල් එවා තිබෙන්නේ ගෝතමාලාව කියන රටින්. ගෝතමලාව ප්‍රධාන වශයෙන් ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රටක්. මෙතනදි අප අමතක කළයුතු නැහැ එවකට හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරු බව.

මම මේ කියන කරුණු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබීමට නායකත්වය දුන් බවට සැක පිට තරුණයෙකු අත්අඩංගුවේ සිටිනවා. ඔහුගේ ගිණුමටත් විදේශ රටවලින් මුදල් ලැබුණු බවට කරුණු හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම අරගලයට නායකත්වය දුන්බොහෝ පිරිසකගේ ගිණුම් මේ වන විට පරික්ෂාවට ලක්වෙමින් තිබෙනවා. තව දින කිහිපයකින් ඒ අයට මුදල් ලැබී ඇති ආකාරයත් අප රටට හෙළි කරනවා.
මීට වසරකට කලින් අද අපි මෙම රැස්ව සිටින ස්ථාන ය තිබුණේ අරගලකරුවන්ගේ ග්‍රහණයේ. ඔවුන් අතර සිටි ඇතැම් විනාශකාරී පිරිස් වසර ගණනාවක් මේ රට පාලනය කරපු රාජ්‍ය නායකයන් සිටි මන්දිරය කඩා බිඳ දමා වටිනා දේපළ විනාශ කළ දවස අදයි. වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස කොළඹ රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කරලා තිබියදි එම නිවස සහ පුස්තකාලය ගිනි තැබු දවස අදයි. එම පුස්තකාලය ආසියාවෙම තිබු වැදගත් ග්‍රන්ථ රැසකින් සමන්විත වු බව ප්‍රසිද්ධ කාරණයක්.
ඇතැම් දේශපාලන පක්ෂ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ වු උත්තරීතර පාර්ලිමේන්තුව පවා ගිනි තැබීමට ජනතාව පෙළඹවූ දිනය ලෙස ජූලි 09 වනදා ඉතිහාසයට එක්ව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සිටි අහිංසකම මහජන නියෝජිතයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා නින්දිත ලෙස මරා දැමුවා. ඒ වගේම මැති ඇමතිවරුන්ගේ නිවාස 47ක් ගිනි තැබුවා. ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ, ආධාරකරුවන්ගේ නිවාස ගිනි තැබුවා. ඒ වගේම තවත් පොදු දේපළ විශාල ප්‍රමාණයක් විනාශ කර දැමූණා .
මෙවැනි අරගලවලට මුහුණ දුන් මැදපෙරදිග, අප්‍රිකානු රටවල් වසර ගණනාවක් යන තුරු දියුණු වුණේ නැහැ. එම රටවල් වසර ගණනාවක් අරාජික රටවල් ලෙස පැවතුණා. දරුණු මංකොල්ලකෑම් ඇතුළු අපරාධ වැඩි වුණා. ඒ හමුවේ එම රටවල ජනතාවට බිහිසුණු අත්දැකීම්වලට මුහුණදීමට සිදු වුණා. උන්හිටි තැන් අහිමිව ඇතැම් පිරිස් රට හැර ගියා.
ලංකාව මුහුණ දුන් මෙම අභියෝගය හමුවේ රට භාර ගැනීමට එදා කිසිවෙක් ඉදිරිපත් වුයේ නැහැ. වත්මන් විපක්ෂ නායකවරයාට ආරාධනා කළ විට ඔහු එම අභියෝගය භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. කිසිවෙක් භාරගැනීම ප්‍රතික්ෂේප කළ රටක් තමයි වත්මන් ජනාධිපතිතුමා භාරගත්තේ. ඒ වන විට මේ රට පැවතුණේ බංකොළොත් රාජ්‍යයක් ලෙසයි. ණය ගෙවා ගන්න බැරි රටක්. ජනතාවට තෙල්, ගෑස්, විදුලිය ඇතුළු මූලික අවශ්‍යතා කිසිවක් සපුරාලිමට නොහැකි වු රටක් තමයි එදා තිබුණේ.
රටේ උද්ධමනය ඒ වන විට 67%ක් දක්වා ඉහළ ගොස් තිබුණා. විදේශ සංචිත බිංදුවටම පහත වැටි තිබුණා. විදේශ ප්‍රේශන ලැබුණේ නැහැ. සංචාරකයන් පැමිණියෙත් නැහැ. බැංකු පොලි අනුපාතය 30%ට ඉහළ ගියා. එවැනි දැඩි අභියෝගකාරි අවස්ථාවක වත්මන් ජනාධිපතිවරයා රට භාර ගත්තා. එතුමා රට භාරගෙන අදට වසරක් ගත වෙනවා.
ලෝකයේ අරාජික වූ කිසිදු රටක් වසරක් වගේ කෙටි කාලයකදී මෙතරම් පරිවර්තනයකට ලක්ව නැහැ. ජනාධිපතිවරයාගේ නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් මේවන විට රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එදා 60%ක්ව තිබු උද්ධමනය මේ වන විට 7%ක් දක්වා පහළ බැස ඇති බව මහබැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා. 30%ක් දක්වා ඉහළ ගිය බැංකු පොළිය අද වන විට 12%ක් දක්වා අඩු කිරීමට මහබැංකුවට හැකි වී තිබෙනවා.

ඒ වගේම විදුලිබිල 55%කින් පහතට ගෙන ඒමට හැකි වුණා. ගැස් මිල 40%කින් පමණ අඩු වුණා. පසුගිය මාසයේ පමණක් ලක්ෂයක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. එතරම් ප්‍රමාණයක් එක් මාසයක සංචාරයක් පැමිණ තිබෙන්නේ වසර 04කට පසුව බවත් මෙහිදි සඳහන් කළයුතුව තිබෙනවා.
ඇතැම් දේශපාලන පක්ෂ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙරටට මුදල් එවන්න එපා කියලා. නමුත් මේ වන විට වාර්තාගත විදෙස් මුදල් ප්‍රමාණයක් ඔවුන් මෙරටට එවා තිබෙනවා. ඒ වගේම අද අපනයන ඉහළ ගොස් තිබෙනවා. විදේශ ප්‍රේශන වැඩිවෙලා. කොටස් වෙළඳපොළ වාර්තාගත ලෙස ඉහළගොස් තිබෙනවා. කොටස් වෙළෙඳපොළේ ඉහළ යාම මගින් පෙන්නුම් කරන්නේ ජනතාවට වගේම ව්‍යාපාරිකයන්ටත් මේ රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධව විශ්වාසයක් ඇති වී තිබෙන බවයි.
දැන් අරගලවලට පැමිණෙන ලෙස ජනතාවට ආරාධනා කළාට ඔවුන් පැමිණෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා. අරගල කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා. නමුත් මොනම හේතුවක් නිසාවත් මේ රට ආරාජික කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවකට ඉඩ තිබෙනවා. අද වන විට ජනාධිපතිවරයා මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කර තිබෙනවා. එතුමා රට නිසි මාවතකට යොමු කර තිබෙනවා. ඒ නිසා එතුමා ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වන්න කියා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-07-09

SendShareShare
Previous Post

කොළඹ හතේ කෝටි ගණනක් වටිනා අනුන්ගේ ඉඩමක් බලෙන් අල්ලගන්න ගිහින් දෙපිරිසක් මරාගනී! පොලිසිය ඇවිත් දෙපැත්තේම 26 දෙනෙක් අල්ලගෙන යයි! මේ විදිහට අනුන්ගේ ඉඩම් අල්ලන්න වෙන මිනිස්සුන්ට හයියක් කොහෙන්ද? I Sri Lanka Latest News

Next Post

කොටලීයේ බස් අනතුරෙන් මියගිය ගණන 10ට නගී! 40කට තුවාල!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.