ආණ්ඩුකාරවරුන්ට පත්වීම් දෙන්න එපා කියලා නිල වශයෙන් කියලා තියෙද්දී අද මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී මැතිවරණ කොමිසමේ පලු යවයි! පනතින් ආණ්ඩුකාරයාට තියෙන බලතල අනුව තමයි පත්වීම් දෙන්නේ! වැරදි නම් ඕන කෙනෙකුට උසාවි යන්න පුලුවන්! එක එක පක්ෂවලට ඕන විදිහට මැතිවරණ කොමිසමට නටන්න බෑ! හෙට අනිද්දා ඉතුරු පළාත්වලත් පත් කරනවා! කව්රු කිව්වත් අපි මේක නවත්වන්නේ නෑ! මේ කොමිෂන් සභා හින්දා තමයි රට නැති වෙන්නේ! VIDEO I Sri Lanka Latest News

අද දිනයේදී මැතිවරණ කොමිසමට මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.Sri Lanka Latest News ඒ, ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් හට තනතුරු ලබා දීම වළක්වාලමින් නිකුත් කර ඇති නිවේදනය මුල්කරගෙනය. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුකාරවරයා සතුව ඇති බලතල ප්‍රකාරව මෙම පත්වීම් සිදුකොට ඇති බවත්, කව්රු කීවද එම පත්වීම් නොනවත්වන බවත්ය.