අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.
එහිදී කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත ලබා දීමට නියමිත බව පැවසේ.
මීට අමතරව ඉදිරියේදී නව කැබිනට් මණ්ඩලය පිහිටුවිය යුතු ආකාරය පිළිබදවද මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.










