තමාට එල්ලවී ඇති ජීවිත තර්ජන සහ දැඩි මානසික ආතතිය හේතුවෙන් තමා දරන විනිසුරු ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජා ප්‍රකාශ කර තිබේ.Sri Lanka Latest News
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් 23 වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත යවා ඇත.
එම ලිපියට අනුව ඔහු දිසා විනිසුරු ධූරය, මහේස්ත්‍රාත් ධූරය, පවුල් අධිකරණ විනිසුරු ධූරය, ප්‍රාථමික අධිකරණ විනිසුරු ධූරය, කුඩා හිමිකම් උසාවි විනිසුරු ධූරය සහ බාල වයස්කාර අධිකරණ විනිසුරු ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු මතභේදාත්මක කුරුන්තිමලේ පුරාවිද්‍යා ස්ථාන නඩුවලට සම්බන්ධව සිටි විනිසුරුවරයා වේ.
