• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මව්රටට දෙවියන් දුන් ඉපැරණිම ගීත ලතාවට අප සැලකූ තරම ඇතිද?

November 29, 2022
in Exclusive, Heart
A A
මව්රටට දෙවියන් දුන් ඉපැරණිම ගීත ලතාවට අප සැලකූ තරම ඇතිද?

මංගේෂ්කාර් සහෝදරියෝ උත්තර භාරතය මිහිරියාවෙන් පිරවූයේ ඔවුන්ටම ආවේණික වූ සංගීත රටාවකිනි. ආශා, ඌෂා, ලතා යනුවෙන් නම් ලද ඒ තුන් සහෝදරියන් අතර ලතාගේ හඬ වඩාත්ම ජනප්‍රිය විය.

ඉන්දීය රාජ්‍ය නායකයන් මුණගැසීමට එන බොහෝ විදේශ රාජ්‍ය නායකයෝ ඔවුන් වෙනුවෙන් පවත්වන ප්‍රිය සම්භාෂණවලදී ලතා මංගේෂ්කාර්ව මුණගැසී කතාබහ කිරීමට ප්‍රිය කළහ. ඒ, ලතා ඒ තරමටම සමස්ත ඉන්දියාව පුරා තම නාමය ප්‍රචලිත කොට තිබූ නිසාය. ඉන්දියාවේ ප්‍රසිද්ධ නොවුණාට මංගේෂ්කාර් පවුලට අයත් නොවුණාට ඉන්දියාවට අසල්වැසිකම් කියන ලංකාවේද මිහිරි හඬකට උරුමකම් කියන ලතා කෙනකු උපන්නාය. ලතා කියන නාමය ඇයට ලැබුණේ සංගීත කලාව තුළ එය හසුරුවන්නට වැඩිය පහසු නිසාය. නැත්නම් ඇගේ උපන් නම රීටා ජෙනෙට් ප්‍රනාන්දු විය. ලතා නමින් මේ ගීත කෝකිලාව සිනමාව සහ සංගීත ලෝකය තුළ අතිශය ජනප්‍රිය වන විට එවක ප්‍රවීණ ගායකයකු වූ ධර්මදාස වල්පොල ඈ සරණ පාවා ගත්තේය. එතැන් පටන් ලතා, ලතා වල්පොල නම් වූවාය.

ඒ ලතා වල්පොල නම් මධුර සුමධුර ගායිකාවගේ රසැති අතීතයෙන් පුංචි කොටසකි. තව ඒ වාගේ රසවත් කතා ඇගේ කෝකිල හඬ මුල්කොට ගෙතී තිබුණා මතකය.

මීට වසර අසූ ගණනකට කලින් දවසක පවුලේ අයත් සමග මඩු පල්ලි ගිය, එවක වයස අවුරුදු සතරක් හෝ පහක්ව උන් ලතා දැරිය ළමා ගීතයක් උස් හඬින් ගායනා කරන විට කතෝලික බැතිමතුන් ඇය වටා කාන්දමකට හසුවූවාක් වැනි ආකාරයට එක්රොක් වන්නට ගත් බව පසු කලෙක සරසවිය පුවත්පතේ සඳහන්ව තිබුණා මතකය.

‘ඔය කෙලීට ඇස්වහ පුච්චපං. මිනිස්සු බලා හිටියෙ වශී වෙලා වගේ…’

ලතා වල්පොලගේ පවුලේ වැහිහිටියකු එලෙස එදා පවසා තිබිණි. ඒ කතාව නම් බොරුවක් වන්නට බැරිය. දෙහි ගෝනියක් ගෙන ඇස්වහ යවන්නට තරම් ඇගේ සුරතල් හඬ ළයාන්විතව තියෙන්නට ඇත.

මඳක් ඈත ඒ අතීත කතාවලින් අපි දැන් බැහැරට යමු. ලතා වල්පොල සංගීත ලෝකයට පැමිණි ආකාරය, ගැයූ ගීත ගණන, සිනමාව සමග ඇගේ ළයාන්විත හඬ කළ දහසකුත් එකක් සුමධුර ගනුදෙනුද ඇයට ළැදි රසික රසිකාවියන් හැමෝම වාගේ දන්නා නිසා අප දැන් කතා කරන්නේ ඊයේ පෙරේදාවක පසුවූ ඇගේ 88 වැනි උපන් දිනය ගැනය.

88 වැනි උපන්දිනය දවසේද ලතා තරුණ කෙල්ලක වාගේම හරි අපූරුවට සින්දු කීවාය. සජීවී රූපවාහිනී වැඩසටහනකට ඇවිදින් ‘සුකොමල බඳ ළෙලවා’ ගීතය හරි අගේට ගායනා කළාය. සරලවම කියනවා නම් අසූව පැන්නත් ගීත කෝකිලාව යන නම තවමත් තමාට ගැළපෙන්නේය යන වග ලතා වල්පොල පසක් කළාය.

සත්තකින්ම කියනවා නම් කලාසූරී ලතා වල්පොල යනු සිරිලකට ජාතික වස්තුවකි. අසීමිත වූ ජනප්‍රියත්වයක් තුළ සංගීත කලාවේ නිපුණ දක්ෂතා සුවිශේෂ පෙළහරක නියැළුණු ඇය ඈ අපට සිටින පැරැණිතම ප්‍රවීණ ගායිකාවකි. එක්දහස් නවසිය පනස් ගණන්වල රීටා රත්නායක සහ ෆ්ලොරීඩා ජයලත් වෙනුවෙන් පසුබිම් ගී ගැයූ මේ කන්කලු හඬ ඇත්තී එයට පසුව ජීවරාණි කුරුකුලසූරිය සහ විජිත මල්ලිකාලාටද සිය මධුර හඬ දුන්නාය. එයට පසුව මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මෙන්ම ගීතා කුමාරසිංහ සහ ශ්‍රියානි අමරසේනලාට එය තිළිණ විය. අනතුරුව සබීතා, නදීකා සහ අනෝජා වෙතද ලතාගේ හඬ අපූරුවට ගැළපී ගියේය. රූකාන්තගේ තරුණ හඬ සමග තම හඬ එකතු කරවමින් සබීතා වෙනුවෙන් ඈ ගැයූ ‘සියුමැලි රෝස මලී’ සින්දුවට තරුණ කැල උමතුව ගියහ.

නොනැසෙන නොමියෙන හඬක් හිමි මේ ප්‍රතිභාපූර්ණ සංගීත ශිල්පිනිය වෙනුවෙන් ඈ සංගීත ක්ෂේත්‍රයට කළ අනගි මෙහෙවර වෙනුවෙන් ඇයට ලැබිය යුතු සැලකුම් හරි හැටි ලැබුණාදැයි කියා යම් සැකයක් කාට හෝ සිතට නැගේ නම් එය පුදුමයක් නොවේය. වැඩි දුර හිතන්නට ඕනෑ නැති පහසුම නිදසුනක් ඒ සඳහා දෙන්නට බැරි නැත.

ඒ, පසුගිය නොවැම්බර් 11 වැනිදාවේ පැවැත්වුණු ඇගේ 88 වැනි උපන් දින සාදයයි. රටක් නැළවූ අසහාය ගීත කෝකිලාවට 88 වැනි විය සම්පූර්ණ වූ ඒ සාදයට පැමිණ සිටියේ ඉතා සුළු පිරිසකි. ඒ සුළු පිරිස අතරද ගායන ශිල්පියකු ලෙස සහභාගිව සිටියේ දයාන් විතාරණ පමණකි. ඒ අතර ලතා වල්පොලගේ හඬ ඔස්සේ රිදී තිරට එකලු කරමින් සිය රංගන මෙහෙවර හැඩකරගත් ප්‍රවීණ සම්මානනීය නිළි කැලක් වූ සුවිනීතා වීරසිංහ, ශ්‍රියානි අමරසේන, ගීතා කුමාරසිංහ සහ නදීකා ගුණසේකරද පැමිණ සිටීම ඇත්තෙන්ම ගෞරවනීයත්වයක් ලැබිය යුතු කලාසූරී ලතා වල්පොල වෙනුවෙන් කළ වටිනා කටයුත්තකි. හැම කලාකරුවකු සමගම සිය සුහදත්වය බෙදාගන්නා ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණත් ප්‍රවීණ කලා ශිල්පී ප්‍රියංකර පෙරේරාත් ඒ සෙනෙහෙබර එකමුතුවට දායක වීම සතුටුදායක කාරණයකි. එහෙත් තව කී දෙනෙක් නම් ඔතැන ඉන්නට තිබුණාද? ඒ කිසිවකුටවත් එතැනට එදා එන්නට අමතක වූයේ ඇයි? ලතා වල්පොල වැනි පැරැණිතම කලාසූරී සිංදුකාරියකව එතරම් අමතක කොට දමන්නට තරම් ඔවුන් අවිවේකීව සිටියාද? කොයි තරම් විවේකයක් නැති වුණත් ලතා වල්පොලගේ 88 වැනි උපන් දිනය වෙනුවෙන් ඇයව පුදුම කරවන්නට දූ දරුවන් ඇතුළු ඒ පිරිස් එකමුතුව කළ ස’ප්‍රයිස් පාටියට තව ඕනෑ තරම් අයට විනාඩියකට හෝ පැමිණ ලතාට සුබ උපන් දිනයක් පතන්නට ඉඩ තිබුණේ නැතැයි කොහොම හිතන්නද?

ස’ප්‍රයිස් පාටිය මඳකට එහායින් තැබුවත් කලාසූරී ලතා වල්පොල වෙනුවෙන් කළ යුතු සහ කරන්නට තිබුණු බොහෝ දෑ අපේ රටට අමතක වීමත් එක්තරා ශෝකාන්තයකි. කලාසූරී සම්මානයත් සමග තව මොනවා හරි යමක් අත තැබුවා කියා එතරම් ප්‍රවීණ ප්‍රතිරූපයක් හිමි ගායිකාවකට ඇයට හිමි වටිනාකම ලැබෙනවද? කොහොමත් ලංකාව පාලනය කළ කිසිදු රජයක් අපේ කලාකරුවන්ට හරියකට සැලකුවේ නැත. කලාකරුවන් වෙනුවෙන් යමක් කළ රාජ්‍ය නායකයකු වේ නම් ඒ රණසිංහ ප්‍රේමදාසය. බොහොමයක් වූ කලාකරුවන්ගේ දුක සැප විමසන්නට තරම් කලාවට ළැදි මිනිසකු වූ රණසිංහ ප්‍රේමදාස, ලතා වල්පොලටද ගෞරවයෙන් සැලකුවේය. දහසකුත් එකක් වැඩ දමා ගිටාරයක් සමග මල් කලඹකුත් දෝත පුරා තෑගිත් අරගෙන සජිත් ප්‍රේමදාස ස’ප්‍රයිස් පාටියට කඩාපාත් වෙන්නට හිතුවේද තම පියා ලතා වෙනුවෙන් කළ මෙහෙවරට අත්වැල් ඇල්ලීමක් වශයෙන් වන්නට ඇත.

එක අතකට ගත්තම නළු නිළියන් වෙනුවෙන් කිසිවක්ම කරන්නට නොහිතන ලංකාවේ දේශපාලන නායකයන් ලතා වෙනුවෙන් යමක් කරතැයි හිතන්නේ කොහොමද? ලතා වල්පොල ඉන්දියාවේ උපන්නේ නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට තිබුණේය. එහෙම කියන්නේ ඉන්දියාවේ ප්‍රවීණ ගායකයන් රානු මොන්ඩාල් වැනි පදික වේදිකාවේ යාචක කාන්තාවන්ට අත්කර දුන් වාසනා මහිමය මෙය ලියන මොහොතේ හිතට නැගුණු නිසාය. තවත් සංවේදී බොහෝ නිදසුන් ඉන්දියාවෙන් ගන්නට බැරි නැත. පසුගිය වසරක කොරෝනා වැලඳීම නිසා රෝගීව සිට මියගිය ලතා මංගේෂ්කාර් වෙනුවෙන් සමස්ත ඉන්දියාවම වැලපුණේ 93 වැනි විය පසුකරමින් සිටි වියපත් කාන්තාවක වුවද ලතා මංගේෂ්කාර් යන අද්විතීය ගායිකාව ඇය බව අමතක කර දමන්නට ඉන්දීය ජනතාවට මෙන්ම දේශපාලකයන්ටද බැරි වූ නිසාය.

ලතා මංගේෂ්කාර්ගේ වටිනාකම භාරතයට එහෙම නම් ලතා වල්පොලගේ වටිනාකමද සිරිලකට එලෙසම විය යුතුය. එහි අඩුපාඩු හෝ හිස්තැන් නැත. එවැන්නක් හොයන්නට වෙහෙසීමද කුහකකමකි.

කොහොමත් රනිල් වික්‍රමසිංහලා වැනි ‘පොෂ්’ ටයිප් එකේ මිනිසුන් නායකත්වය දරන ආණ්ඩුවක් රට පාලනය කරන සමයක ලතා වල්පොල වැනි ඔවුනට අමතකව ගිය අද්විතීය ගායිකාවන් ගැන කතා කිරීම පලක් නැති තරම්ය. ලතා වල්පොල වෙනුවෙන් යමක් කරනවා තබා ඇගේ නමවත් හරියට පැහැදිලිව ඔහුට උච්චාරණය කරන්න පුළුවන් නම් එයද පුදුමයකි.

යුගයෙන් යුගයට විවිධ වයස් තරාතිරම්වල ගායකයන් සමග හැමදාමත් සොඳුරුව සින්දු කී අපේ කලාසූරී ලතා කවදාකවත් තමාට සැලකුවේ නැතැයි කියා කිසිම රජයකට දොස් පවරා නැත.

නමුත්, ඇගේ කන්කලු ගී හඬට ඇලුම් කරන අයට නම් ඒ දොස නොකියා නිහඬව ඉන්නට බැරිය. එයට හේතුව භාරතයට ලතා මංගේෂ්කාර් වටිනා තරම කොයි තරම්ද, අපට ලතා වල්පොලද ඒ තරමටම වටිනා නිසාය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Share50Tweet32SendShare13
Previous Post

වන්නියේ ඉපදිලා, යුරෝපය හොල්ලලා, දැන යාපනය අල්ලන්න හදන කෝටිපතියා කවුද මේ බාස්කරන් කන්දයියා…

Next Post

සංජීව එදිරිමාන්නයි මහින්දානන්දයි මධ්‍යම සංස්කෘතික අරමුදල ගැන කියමින් අදත් සජිත්ට මඩ ගහයි! කිරිඇල්ල සංජීවටයි මහින්දානන්දටයි ස්ථාවර නියෝග ගැන පාඩමක් උගන්වමින් ඇත්ත කතාව පෙන්වා දෙයි! අල්ලස් කොමිසමෙන් සජිත්ව නිදහස් කළ ලියුමත් සභාගත කරයි! (VIDEO)

MORE NEWS

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

නිදහසට කොම්පඤ්ඤවීදිය-කොල්ලුපිටිය ස්ටේෂන්වලටත් නිදහස!

February 3, 2023
ආණ්ඩුව හෙට විරෝධතාවලට ගහන්නයි යන්නේ! මානව හිමිකම් කොමිසමට-එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිලි කරයි! VIDEO
Exclusive

ආණ්ඩුව හෙට විරෝධතාවලට ගහන්නයි යන්නේ! මානව හිමිකම් කොමිසමට-එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිලි කරයි! VIDEO

February 3, 2023
නිදහස් උත්සවයට බාධා වන විදිහට ගෝල්ෆේස් පැමිණීම තහනම්! ‌කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි!
Exclusive

නිදහස් උත්සවයට බාධා වන විදිහට ගෝල්ෆේස් පැමිණීම තහනම්! ‌කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි!

February 3, 2023
කෝටි 68ක් පාඩු කරලා! මහබැංකු බැඳුම්කර නඩුව යළිත් කරළියට!
Exclusive

හෙට සරසවි සිසුන්-වෘත්තීය සමිතිවලට කොළඹ උද්ඝෝෂණ කරන්න ඉඩ දෙන්න එපා! පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ප්‍රතික්ෂේප කරයි! රැස්වීමේ-භාෂණයේ අයිතිය සියල්ලන්ටම තියෙනවා!

February 3, 2023
ජනපති මැදුරට පැන්නා කියපු නීතීඥ බෝපගේ වෙනුවෙන් සාලිය පීරිස් එක්ක නීතීඥවරු 50ක් පෙනී සිටී!
Exclusive

මුදලිගේ එළියට ගන්න අධිකරණයේ ලොකු සටනක් කරපු නීතීඥ බෝපගේ තීන්දුවෙන් පස්සේ මුල්වරට කතාව කියයි! VIDEO

February 3, 2023
මුලු නැගෙනහිරම ආසනෙන් ආසනයට ගිය සජිත් ජනතාවගේ උණුසුම් පිළිගැනීම මැද කල්කුඩාවෙන් නැගෙනහිර සටන අවසන් කරයි! PHOTOS & VIDEO
Exclusive

මුලු නැගෙනහිරම ආසනෙන් ආසනයට ගිය සජිත් ජනතාවගේ උණුසුම් පිළිගැනීම මැද කල්කුඩාවෙන් නැගෙනහිර සටන අවසන් කරයි! PHOTOS & VIDEO

February 3, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.