කැළණි පන්සල වසා දැමීමට පියවර ගෙන ඇති බව විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමි ප්‍රකාශ කොට ඇත.
විහාරය වටා ඇති ගම් රැසක කොරෝනා රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාම මේ සදහා හේතු වී ඇති බව උන්වහන්සේ සදහන් කොට තිබේ.
ඒ අනුව ගිහියන් නොමැතිව සියලු වතාවත් සිදුකිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බව පැවසේ.










