බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාටද පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයට සහභාගිවීමට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසුවේ රඹුක්වැල්ල මහතා එම විවාදයට සහභාගිවීමට කැමති නම් ඊට අවස්ථාව සලසා දීමට කටයුතු සලසාදිය හැකි බවයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීමටද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා සහභාගිවිය.
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන විසි 24, 25 සහ 26 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
බාල බෙහෙත් සිද්ධිය පිළිබඳ නඩු විභාගය අවසන් වනතුරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් බාරයේ තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය පසුගියදා නියෝග කළාය.









