රාජපක්ෂ පවුල් පාලනය ප්‍රමුඛ ජනපීඩක ආණ්ඩුව පරාජය කිරීම වෙනුවෙන් ඉලක්ක කර පැවැත්වෙන ‘පන්නමු’ විරෝධතා පාගමන අද (17) පෙ. ව. 9.30 ට කළුතර, බේරුවලින් ආරම්භ විය.
දින තුනක් විරෝධතා පා ගමන පැවැත්වෙන අතර එය අවසන් වන්නේ අප්‍රේල් 19වන අඟහරුවාදා දිනය.
අද බේරුවලින් ආරම්භ වන විරෝධතා පාගමන සවස් වන විට වාද්දුවෙන් අවසන් කිරීමට නියමිතයි.
යලි හෙට (18) උදෑසන වාද්දුවෙන් ආරම්භ කෙරෙන් විරෝධතා පාගමන අවසන් කිරීමට සැලසුම් කර ඇත්තේ මොරටුව නගරයෙනි.
අවසන් දිනය වන 19 වෙනිදා මොරටුව නගරයෙන් ආරම්භවන ‘පන්නමු’ විරෝධතා පාගමන අවසන් වන්නේ කොළඹ ලිප්ටන් වටරවුමෙනි.










