ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් සහෝදර මාධ්‍යවේදින්ගේ ජන ජීවිතය යථාතත්වයට පත් කිරිමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන මාතර මාධ්‍යවේදියෝ සෙනෙහසේ අත්වැල වැඩසටහන ඊයේ (09) දිනය පුරාවට නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල කියාත්මක කෙරිණ ,Sri Lanka Latest News
එහිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිය නිවසේ පිටුපස කොටසේ හා ඉදිරිපස කොටස් නාය යෑමෙන් නිවසේ පිටුපස කොටස බිත්ති කඩා වැටී නිවස පිහිටි ස්ථානය ආපදා අවදානම් කලාපයක් බවට නම් කර ඇති නුවරඑළිය ප්‍රාදේශීය වාර්තාකරු ආර්.එෆ්.එම්.සුහෙල් සහ නිවස පිටුපස පස් කණ්ඩියක් කඩා වැටීමෙන් නිවසට අර්ධ වශයෙන් හානි සිදුවූ ප්‍රාදේශීය මාධ්‍යවේදී ඩග්ලස් නානායක්කාර යන අයට අත්‍යවශ්‍ය භාණ්ඩ හා වියළි ආහර අඩංගු පාර්සල් ලබා දිම සිදු කරන ලදි.
තවද මහනුවර දිස්ත්‍රික්කයේ නාය යෑමෙන් හා ගස් කඩා වැටීම හේතුවෙන් සිය නිවස් වලට අලාභ හානි සිදුවූ ප්‍රාදේශිය මාද්‍යවේදින් වන අනුර ආනන්ද , රුවන් මීගම්මන හා සමන්ති වීරසේකර යන මහත්ම මහත්මින්ට මාතර මාධ්‍යවේදින්ගේ සෙනෙහසේ අත්වැලෙන් ශක්තියක් ලබා දෙන ලදි.
මේ වන විට මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සෙනෙහසේ අත්වැල තුලින් දිස්ත්‍රික් 09ක මාධ්‍යවේදින් 33කට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලු වියළි ආහර හා ද්‍රව්‍ය අඩංගු පාර්සල් ලබා දි තබේ.














