බෞද්ධාගමට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින දේවගැති ජෙරොම් ප්රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ සිටියි. (Sri Lanka Latest News)
බෞද්ධාගමට අපහාස වන ප්රකාශ සිදුකර පසුව විදේශ ගත වු දේවගැති ජෙරොම් ප්රනාන්දු ඊයේ(29) දිවයිනට පැමිණ තිබුණි.
ඔහු අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට ඇතුලුවීම සඳහා ගුවන් ගමන් තහනමක් පනවා තිබු අතර එම තහනම පසුව ඉවත් කෙරුණි. ඒ අනුව දේවගැතිවරයා දිවයිනට පැමිණ තිබුණි.
දිවයිනට පැමිණ පැය 48 ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විමර්ශන අංශයේ පෙනී සිටිය යුතු බවට අධිකරණය නියෝග කර තිබේ.
එම නියෝගයට අනුව අද (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි දේවගැතිවරයාගෙන් මේ වන විටත් ප්රකාශ සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.
dinamina









