• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Wednesday, September 27, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

කයිවාරු නොගහන්න කම්මැල්ලවීර… හැරිල බලන්න…

February 28, 2023
in Exclusive, Heart
Reading Time: 5 mins read
A A
කයිවාරු නොගහන්න කම්මැල්ලවීර… හැරිල බලන්න…
Share on FacebookShare on Twitter

ඡන්දයක් තියෙන කාලෙට මැතිවරණ වේදිකාවලදී වැඩිහරියක්ම සිද්ධ වෙන්නේ මැති ඇමැතිවරුන් තම තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව මඩ ගසා ගැනීමය.

ඒ මඩගසා ගැනීම්, උගුරට හොරා බෙහෙත් කන තාලයටත්, වහෙන් ඔරෝ තාලයටත් කරන අය වාගේම හීනියට වාගේ කරට අතදමා පිට පිහියෙන් අනින තාලයට කරන අයද වෙති. මැතිවරණ කාලෙට පවත්වන මාධ්‍ය හමුවලදීද බොහෝ විට තම තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව කරන වාචික ප්‍රහාරයන් වේ. එවැනි වාචික ප්‍රහාරයන්ද සමහර විට දරුණු මඩකි. ඇතැම් කතා, කරුණුවලින් ඔබ්බට ගිය උපහාසශීලී ඒවාය. තවත් ඒවා අපහාස හෝ ලොකු ලොකු කයිවාරු සහිත පලකට නැති සම්ඵප්‍රලාපයන්ය. ඔය සියල්ල අතර කට තිබුණු පලියට ඔහේ දොඩවන සදාචාරසම්පන්න නොවන කතාවන්ද වේ.

ඊයේ පෙරේදා දවසක ප්‍රවීණ ගත්කරු ජයතිලක කම්මැල්ලවීරද ඒ විදියේ සදාචාරසම්පන්න නොවන කතාවක් මාධ්‍ය හමුවකදී කියා තිබිණි.

‘සජිත් ප්‍රේමදාසට අපි කියනවා පුළුවන් නම් කලාකාරයෝ පහළොස් දෙනෙක් සමගි ජන බලවේගයට එකතු කරලා පෙන්නන්න කියලා…’

ලොකු පම්පෝරියක් ගහනවා වගේ ජයතිලක කම්මැල්ලවීර එහෙව් අභියෝගයක් සමගි ජන බලවේගයේ නායකයාට එල් කළේ කිසිදු වග විභාගයක් නැතිව සේම අහේතුකවය.
මෙතැනදී අපි සමගි ජන බලවේගය පක්ෂයත්, සජිත් ප්‍රේමදාසවත් මොහොතකට පැත්තකින් තබමු. ජයතිලක කම්මැල්ලවීර එය කාට කිව්වද, මොන පාටක කුමන පක්ෂයකට කිව්වද ඔහුගේ අට්ට පට්ටයක් නැති කතාවෙහි සහ ඒ කතා විලාසයෙහි වූයේ සදාචාරසම්පන්න නැති බවක් නොවේද?

සත්තකින්ම එය වැදගැම්මකට නැති අශීලාචාර කතාවකි. පැහැදිලිවම කියනවා නම් ඔහු අපහාස කළේ වැදගැම්මකට නැතැයි යනුවෙන් ව්‍යංගයෙන් උපහාසයට ලක් කළේ ශ්‍රී ලාංකේය කලාකරුවන් නොවේද? සජිත් ප්‍රේමදාසට හෝ වෙන කෙනකුට කිව්වද ඔහු එතැනදී කේන්ද්‍ර කොට ගත්තේ කලාකරුවන්ගේ වැදගත්කමේ තරම දේශපාලනය හමුවේ කොතරම් නම් අල්ලෙට කොල්ලෙට ගිහින් තියෙන්නේද කියන මතය හෝ හැඟීම නොවේද? ඔව්, එහි දෙකක් නැත එය එහෙමමය.

හැබැයි ඔහුට එහෙම කතාවක් නොකියා ඉන්නට තිබුණේ නම් හොඳය. සජිත් ප්‍රේමදාසට එකම එක කලාකාරයෙක්වත් ස්ටේජ් එකට නග්ගන්න බැරි වුණයි කිව්වත් කලාකාරයන්ව ඔහු දෙකේ කෝළේට දැම්මේය. ඒ විතරක් නොවේ. කලාකාරයන් 140ක පමණ පිරිසක් ජාතික ජන බලවේගය සමග සිටින බවටද පුරාජේරුවක් කීවේය. කලාකාරයන් 140ට ඔහුගේ නමද ඇතුළත් කොට ගණන් බැලුවාද කියාවත්, අනෙකුත් කලාකරුවන් එකසිය ගණන කවුද කියාවත් හෙතෙම කීවේ නැත. කෙසේ වෙතත් කලාකරුවන් 140 කතාව මෙතැනට අදාළ නැත. මේ කතා කරන්නේ ජයතිලක කම්මැල්ලවීර කලාකරුවන්ව සමච්චලයට ගත් එක ගැනය. මාලිමාව සමග ජාතික ජන බලවේගයට මෙවර ඡන්දය දිනන එක ඔහු කියන තරම් අපහසුවක් නැත්නම් කලාකරුවන් 140කගේ සහාය ගැන කම්මැල්ලවීර මොකට කටමැත දොඩවනවාද කියන එකද තවත් ප්‍රශ්නයකි. ඒ සියල්ලම පසෙක තියෙද්දී ‘කලාකරුවන් පහළොවක් ගෙනත් පෙන්වන්නැ’යි ඔහු කළ සමච්චලයට හරියටම බැලුවොත් ලක්ව ඇත්තේ ශ්‍රී ලාංකේය කලාකෙත විවිධ ඉසව් ඔස්සේ අස්වද්දන දහස් සංඛ්‍යාත කලාකරුවන්ය.

කලාකරුවන් කිව්වම එයට අයත් වන්නේ නළු නිළියන් විතරක් නොව තවත් බොහෝ පිරිසක් අදාළය. ගායක ගායිකාවන්, වාදකයන්, ලේඛකයන්, චිත්‍ර ශිල්පීන්, චිත්‍රපට, වේදිකා සහ ටෙලිනාට්‍ය නිර්මාණකරුවන් ඇතුළු මෙකී නොකී සියලු පුද්ගලයන් එයට ඇතුළත් වේ. ජයතිලක කම්මැල්ලවීරද ප්‍රවීණ කලාකරුවෙකි. ඔහු පැවසූ 140 දෙනා තුළද එවැනි ිවිවිධ ක්ෂේත්‍රයන්ට අයත් ගෞරවනීය සොඳුරු සිත් ඇත්තෝ සිටින බව නිසැකය. පියකරු වචන එක පෙළට අමුණා උසස් මට්ටමේ කතා මවන අද්විතීය නවකතාකරුවකු වූ ඔහු තම ප්‍රතිවාදී පිලක මැතිවරණ වේදිකාවක් වෙනුවෙන් ලංසුවට තැබුවේ සමස්ත කලාකරුවන්වමය.

පසුගිය කාලවකවානුව තුළ විවිධ වූ දේශපාලන මතිමතාන්තර වෙනුවෙන් කලාකරුවන් එකසිය ගානට කඩේ ගිය ආකාරයත්, ඒ කඩේ යෑම තුළ බොහොමයක් වූ කලාකරුවන් පීචං තත්ත්වයට වැටුණු බවත් නොදන්නේ කවුද? කවුරුත් දන්නේ ඒ කාරණය කම්මැල්ලවීර නොදැන ඉන්නේ කොහොමද? ඒ සියල්ල හොඳ හැටි දැනගෙන සිටියදීත් වෙනත් දේශපාලන පිලකට ඒ චැලෙන්ජ් එක කරන්නට ඔහු කලාකරුවන් කියන නාම විශේෂණය ලංසුවක් කරගත්තේ ඇයි?

එය නොවටිනා වැඩකි. ඒ නොවටිනා බව වඩාත් කැපීපෙනෙන්නේ 2010 සිට 2015 සහ 2019 දක්වා රාජපක්ෂ පරම්පරාවට කඩේ ගිය කලාකරුවන් අද වැටී සිටින බාල්දු තත්ත්වය දකින විටය.
අතිශය අවාසනාවන්ත අහඹු අනතුරක් නිසා කෝමා වැනි තත්ත්වයකට පත්ව සිටින ප්‍රවීණ නිර්මාණකරු සහ රංගවේදී ජැක්සන් ඇන්තනී දිහා බලන්න. මුහුණු පොතේ ජැක්සන්ට නිරෝගී සුවය පතා හදිසියේවත් පෝස්ට් එකක් මුදාහැරියහොත් ඔහුගේ කීර්ති නාමය විනාශ කරන කමෙන්ට්ස් කොයි තරම් පළවෙනවද? ජැක්සන් ඇන්තනී කියන්නේ මොන තරම් ප්‍රතිභාපූර්ණ කලාකාරයෙක්ද? ඔහුගේ රංගන ප්‍රතිභාවට සම වෙන්න තැනුවද ඒ හැඟීම්බර රංගන ශෛලියට සම කළ හැකි අයකු කලා ලෝකයට පැමිණියේ නැත. එතරම් අසහාය නළුවකු නිර්මාණකරුවකු ප්‍රේක්ෂකයන්ගේ, රසිකයන්ගේ ශාපයට ලක්වූයේ දේශපාලනය නිසා නොවේද? රාජපක්ෂලාට බුදුරජාණන්වහන්සේගේ නෑකමක් ගෙන දෙන්නට ගොට්ට ඇල්ලූ නිසා නොවේද?

ජැක්සන් ඇන්තනී විතරක්ද, ආලින්දයේ සිනමාව තුළ ජය හෙහෙළි නැංවූ කුසුම් රේණු සහ ශ්‍රියන්ත මෙන්ඩිස්ටද සිදුවූයේ එවැන්නක් නොවේද? අරගල සමයේ කුසුම් රේණු කොතරම් නම් මුහුණු පොත හරහා නින්දාවට ලක්වුණාද? 69 ලක්ෂයට උරදුන් ජැක්සන්, ශ්‍රියන්ත ඇතුළු තව තව ප්‍රවීණ කලාකරුවන් 2020න් පසුව රට බංකොලොත් තත්ත්වයට ඇදවැටෙද්දී පත්තර පිටුවක් වෙනුවෙන් ඉන්ටවිව් එකක් දෙන්නටවත් එළිදරව්වට පැමිණියේ නැත. දුරකතනයෙන් කතා කළ විට, ‘මොනවා ගැනද ආටිකල් එක? පුද්ගලික ප්‍රශ්න අහන්න බැහැ. පොලිටික්ස් ගැන කතා කරන්න බැහැ හොඳේ…’ කියා මාධ්‍යවේදියාට තහනමක් තමන්නට තරම් ශ්‍රියන්තලා දේශපාලන කඩේ යෑම හමුවේ තම කාඩ් කුඩු කරගෙන සිටියේය. තහනම් දේ අහන්නේ නැතැයි මාධ්‍යවේදී පාර්ශ්වය පොරොන්දු වුවද ඉන්ටවිව් එක ගන්න කෝල් එක ගන්න වෙලාවට සමහර විට ඔවුන්ගේ ෆෝන් ක්‍රියා විරහිත කරලාය.

ඒ දවස්වල බොහෝ කලාකරුවන් හමුවේ එහෙම දේ සිදුවිය. 2019 ගෝඨාභය රජකරවන්නට එකට පෙළගැසී ‘කලා කවය’ නමින් සාදාගත් කලා හවුලේ හිටපු හැම කලාකරුවකුටම සිදුවූයේ රාජපක්ෂලාට පක්ෂව වේදිකාවට නැගීමේ සහ අසීමාන්තිකව කඩේ යෑමේ ප්‍රතිඵල දිරවාගන්නට බැරිව ගිය එකය. ඒ කඩේ යෑම ඔවුන් කළේ කුමන විටිනාකමකටද කියන එක තවමත් රහසක් වුවද නරුම රාජපක්ෂවරුන් කලාකරුවන්ගේ තරු ආකර්ෂණය උකසට තබා ලක්ෂ 69ක ඡන්ද කොල්ලකා ගත්තේය. කලාකරුවන්ගේ ප්‍රතිරූපය බින්දුවට දැම්මේය.

‘රන් ටිකිරි සිනා’ හමුවේ රටක් දිනූ ආකර්ෂණීය ප්‍රතිභාපූර්ණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහට සිදුවූයේ කුමක්ද? සුවහසක් රසිකයන් ප්‍රිය කළ නීලාගේ සින්දු ලතාවේ ආකර්ෂණය රාජපක්ෂලා තම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් බදු ගත්තේය. කතාවේ හැටියට බද්දෙහි වටිනාකම වූයේ තානාපති තනතුරකි. ගෝඨාභය ලක්ෂ 69 ගත් පසු නීලාට තානාපති තනතුර ලැබිණි. ඒ, ඉතා කෙටි කලකට පමණය. නොසිතූ ලෙස ඈ තානාපති තනතුර පමණක් නොව සිය ජීවිතයද හැර ගියාය.

එයට හේතුව ලෙස කොතැනක හෝ සඳහන්ව තිබුණේ රාජපක්ෂලාට එරෙහිව ශ්‍රී ලාංකේය ජනතාව තුළ නැගී ආ වේදනාත්මක අරගල රැල්ලේ පීඩනය දරාගත නොහැකිව ඈ හදිසි මරණයට බඳුන් වූ වගය. තවත් පැහැදිලි කරනවා නම්, නීලා සිය තනතුර හෙබවූ කාර්යාලය වටකර සිටි ජනතාව ඈ, රාජපක්ෂලාට පක්ෂව සිටීම ගැන ඇතිවූ අමනාපය එළිදක්වන විට ඇයට එය දරාගත නොහැකිව රෝගාතුර වූ බවත්, අනතුරුව හදිසියේ ඇය මියගිය බවත් මාධ්‍ය වාර්තාවල සටහන් විය. නීලා වික්‍රමසිංහ යනු සොඳුරු නිර්මාණ සමග සිය සංගීත කලාව ගොඩනඟාගත් සංවේදී කලාකාරියකි. ඉතින් එහෙව් ඇයට දේශපාලන කඩේ යෑම් කොහොමටවත් නොගැළපෙන වග එම සංකීර්ණ සිදුවීම හමුවේ ඈ මොනවට ඔප්පු කර තිබුණා නොවේද?

ජීවිතය හැර නොගියද කලාකරුවන් රාජපක්ෂ පරපුරට පක්ෂව කඩේ යෑම තුළ ඔවුන් ලද අපකීර්තිය ගැන තව කොතෙක් නම් නිදසුන් දිය හැකිද? රවීන්ද්‍ර රන්දෙණිය, සෝමරත්න බාලසූරිය වැනි ප්‍රවීණයන්, ‘රාජපක්ෂලාට ඡන්දය දීපල්ලා, නැත්නම් නුඹලාගේ දරුවන්ට හෙටක් නැති වෙයි… කලාකරුවන් වූ සංවේදී අපට ඒ හැඟීම පැහැදිලිව දැනෙනවා…’ කියා 2010 මැතිවරණයේදී රූපවාහිනී නාලිකාවලට පැමිණ ඇස්වල කඳුළු පුරවාගෙන කීවා මතකය.

හැබැයි ලක්ෂ 69ක ඡන්ද ලැබුණු සටනට ඔවුන් පය තැබුවේ නැත. ඒ වෙනුවට වෙනත් ටෙලි තරු රෑනක් රාජපක්ෂලාට කඩේ යෑමේ මෙහෙවර භාරගෙන තිබිණි. අද ඔවුන්ද නිහඬය. බොහෝ නිහඬය.

‘මොකද මේ රටට වුණේ? ඔයාලත් මේකට වගකිව යුතුයි නේද…?’ කියා අසන්නටවත් ඔවුන් රාජපක්ෂ පාලනයට එරෙහිව එක වචනයක් කියන්නට මාධ්‍ය හමුවකටවත් ආවේ නැත. අමු අමුවේම මහින්දලාට කඩේ ගිය සංජීවනී වීරසිංහලා අද රටෙත් නැත. විශ්ව කොඩිකාර වැනි ටෙලි තරු ඒ ගැන කතාබහක් නැත.

ඒ තරම් ලොකු පැටිකිරියක් නුදුරු අතීතයෙන් ගෙනහැර පෑවේ කලාකරුවන් දේශපාලනයට මැදිවීම තුළ සිදුව ඇති ශෝකාන්තයන් සහ අප්‍රසන්න සිදුවීම් ගැන නැවත මතක් කිරීමක් කරන්නටය. කලාකරුවන් පාර්ලිමේන්තුවට යෑමෙන් සිදුවූ සෙතක් තවම දකින්නට නැත. ඔවුන් දේශපාලකයන් වෙනුවෙන් වේදිකාවට පය තැබීම තුළද රටට සහ ජනතාවට සිදුවූ සෙතක් නැත. දැන්වත් දේශපාලනය සහ කලාව යනු නොපෑහෙන අන්ත දෙකක් බවත්, කලාකරුවන්ගේ තරු ආකර්ෂණය දේශපාලකයන්ගේ ජයග්‍රහණය සඳහා ලංසුවක් කොට නොගත යුතු බවත් අප කවුරුත් තේරුම්ගත යුතුය.

‘කලාකරුවන් 15ක් ගෙනත් පෙන්වන්නැ’යි කියා වෙනත් පක්ෂයක නායකයකුට තග දමන ප්‍රවීණ ගත්කරු ජයතිලක කම්මැල්ලවීර එය සුවිශේෂීව තේරුම්ගත යුතු බවත් අවධාරණය කළ යුතුව ඇත.

කම්මැල්ලවීර එහෙම නොකීවා නම් හොඳය. ඒ, කලාකරුවන්ට එහෙම ලංසු තැබීම හොඳ නැති නිසාය. විශේෂයෙන් ඔහුද කලාකරුවකු නිසා කියන්නට පෙර ඒ වචන කිහිපය ගැන ඔහුට තව ටිකක් හිතන්නට තිබිණි.

කම්මැල්ලවීර කළ අභියෝගය සජිත් ප්‍රේමදාසට නොව කලාකරුවන්ට නින්දාවකි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

ShareTweetSendShare
Previous Post

SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…

Next Post

හෙට වර්ජනයක් තිබ්බත් මහජන බැංකුවයි-‌ලංකා බැංකුවයි වැඩ! සභාපතිවරු අවධාරණය කරයි!

MORE NEWS

තරුණයන් පස් දෙනකු එකතු වී පාදුක්කේ අවුරුදු 15ක දැරියක් සමූහ දූෂණය කරලා! එක්කෙනෙක් පෙම්වතාලු!
Exclusive

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණිය දූෂණය කළ යුද හමුදා ‌විශ්‍රාමික ‌ඉහළ නිලධාරියා අවුරුදු 15ක් බරපතළ වැඩ ඇතිව හිරේ! I Sri Lanka Latest News

පිළිකා රෝගීන් අමාරුවේ! මඩකලපු රෝහලේත් ලීනියර් යන්ත්‍රය කැඩිලා! I Sri Lanka Latest News
Exclusive

පිළිකා රෝගීන් අමාරුවේ! මඩකලපු රෝහලේත් ලීනියර් යන්ත්‍රය කැඩිලා! I Sri Lanka Latest News

IMF ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව අපි IMF එකට දැනුම් දුන්නා! සුපිරි පොහොසතුන්ට සහන දීලා EPF එකට කළ බලපෑම ගැනත් කිව්වා! 78 වැනි බස් රථය අකුරම්බොඩ ළමයින්ට පිරිනමමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව අපි IMF එකට දැනුම් දුන්නා! සුපිරි පොහොසතුන්ට සහන දීලා EPF එකට කළ බලපෑම ගැනත් කිව්වා! 78 වැනි බස් රථය අකුරම්බොඩ ළමයින්ට පිරිනමමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවද බලන්න විශේෂ ඒකකයක් පිහිටුවීමට මහින්දානන්දගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News
Exclusive

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවද බලන්න විශේෂ ඒකකයක් පිහිටුවීමට මහින්දානන්දගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

රස්නෙ ඉවරයිද? ඔන්න වහිනවා කියන්නේ!
Exclusive

ලෑස්ති වෙන්න! හෙට ඉඳන් ආයෙත් හොඳට වහිනවා! Sri Lanka Latest News

ලයිට් බිල 75%කින් නගී! වෙනදා 1500ක් වෙච්ච බිල දැන් 2625ක්!
Exclusive

බිලියන 30ක් පාඩුයිලු! ආයෙත් ලයිට් බිල වැඩිවෙයිද? උපයෝගිතා කොමිසම අනුමැතිය දෙයිද? I Sri Lanka Latest News

Load More
Leave Comment
තරුණයන් පස් දෙනකු එකතු වී පාදුක්කේ අවුරුදු 15ක දැරියක් සමූහ දූෂණය කරලා! එක්කෙනෙක් පෙම්වතාලු!
Exclusive

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණිය දූෂණය කළ යුද හමුදා ‌විශ්‍රාමික ‌ඉහළ නිලධාරියා අවුරුදු 15ක් බරපතළ වැඩ ඇතිව හිරේ! I Sri Lanka Latest News

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණීය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ...

Read more
පිළිකා රෝගීන් අමාරුවේ! මඩකලපු රෝහලේත් ලීනියර් යන්ත්‍රය කැඩිලා! I Sri Lanka Latest News

පිළිකා රෝගීන් අමාරුවේ! මඩකලපු රෝහලේත් ලීනියර් යන්ත්‍රය කැඩිලා! I Sri Lanka Latest News

IMF ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව අපි IMF එකට දැනුම් දුන්නා! සුපිරි පොහොසතුන්ට සහන දීලා EPF එකට කළ බලපෑම ගැනත් කිව්වා! 78 වැනි බස් රථය අකුරම්බොඩ ළමයින්ට පිරිනමමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

IMF ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව අපි IMF එකට දැනුම් දුන්නා! සුපිරි පොහොසතුන්ට සහන දීලා EPF එකට කළ බලපෑම ගැනත් කිව්වා! 78 වැනි බස් රථය අකුරම්බොඩ ළමයින්ට පිරිනමමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවද බලන්න විශේෂ ඒකකයක් පිහිටුවීමට මහින්දානන්දගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවද බලන්න විශේෂ ඒකකයක් පිහිටුවීමට මහින්දානන්දගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

රස්නෙ ඉවරයිද? ඔන්න වහිනවා කියන්නේ!

ලෑස්ති වෙන්න! හෙට ඉඳන් ආයෙත් හොඳට වහිනවා! Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version