අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් අප රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති බවත් මේ උත්තරීතර නීතිය තුළ රටක් පාලනය වන ප්‍රධාන කුළුණු 03 වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ගැන සඳහන් බවත් රටේ උත්තරීතර නීතිය රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී එය සර්ව සාධාරණ, යුක්ති සහගත විය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නේ ජනතා පරමාධිපත්‍ය හා ජනතා සෛරීත්වය සුරැකුණහොත් පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන්නේ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් වුවහොත් පමණක් බවත් යුක්තිය පසිදලිමේ ක්‍රියාවලිය කිසිසේත්ම දේශපාලනීකරණය නොවිය යුතු බවත් දේශපාලන න්‍යායපත්‍රවල ඉලක්ක කේන්ද්‍ර කර ගෙන යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය දියත් කළ නොහැකි වුවත් මේ මොහොත වන විට නීතියේ ආධිපත්‍ය යුක්තියේ පසිදලීමේ ක්‍රියාවලිය වර්තමානයේ යූටියුබ් චැනල් හරහා ක්‍රියාත්මක බවත් යූටියුබ්වල සිටින දේශපාලනීකරණය වූ සමාජ මාධ්‍යවේදීන් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ගැන ලබා දෙන නඩු තීන්දු ගැන අනාවැකි පළ කරන බවත් සිරගත කරන දිනය, ඇප ලැබෙන දිනය, සිරගත කරන දින ප්‍රමාණය ගැන අධිකරණ තීන්දුවලටත් පෙර සිට පුරෝකථනයන් සිදු කරන බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ගැන බාහිර 3 වැනි පාර්ශ්වයක් කියන්නේ නම් එය රටේ අධිකරණයට කරන අපහාසයක් සහ අපරාධයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරනියගල ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.
මේ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන්නේ නැති බවත් යූටියුබ් එක හරහා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සිදු වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොව ඒකාධිපතිවාදය රජ කරන රටක ලක්ෂණයක් බවත් තමන්ට අවැසි ආකාරයට යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන්නේ ඒකාධිපති රටවල වුවත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ගැන යූටියුබ් නාලිකා පුරෝකථනය කරනවා නම් එය අතිශය බරපතල කරුණක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ මුඛය කරා ගෙන යාමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



























