පසුගිය කාලයේ උද්ඝෝෂණ සදහා සහභාගී වූ සියලුම ගුරු විදුහල්පතිවරුන් පිළිබදව සවිස්තරාත්මක වාර්තාවක් සකස් කර එවන ලෙස දැනුුුම් දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සියලුම පොලිස් ස්ථාන වෙත ලිපියක් යොමු කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය අනාවරණය කළාය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ නියෝජ්‍ය පොලිසිපති ප්‍රසාද් රණසිංහ මහතා විසින් මෙම ලිපිය යොමු කොට ඇති බවකි.
මේ මස 10 වැනි දිනට ප්‍රථම මෙම ලයිස්තු සකස් කර එවන ලෙසද එම ලිපියෙන් දැනුම් දී ඇති බව ඇය සදහන් කළාය.









