• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රූස්වෙල්ට්-ඔබාමා-පාප් වහන්සේ-මර්කෙල්-ටෲඩෝ-අල්ගෝර්-කගාමේ වැනි ලෝකයේ පාරිසරික නායකයන් අතරේ ලංකාවෙන් බිහිවන පළමුවන පාරිසරික නායකයා සජිත්ද?

June 27, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
රූස්වෙල්ට්-ඔබාමා-පාප් වහන්සේ-මර්කෙල්-ටෲඩෝ-අල්ගෝර්-කගාමේ වැනි ලෝකයේ පාරිසරික නායකයන් අතරේ ලංකාවෙන් බිහිවන පළමුවන පාරිසරික නායකයා සජිත්ද?
Share on WhatsAppShare on Facebook

1906 වසරේදී ලොව කීර්තිමත් ‘නොබෙල් සාම සම්මානය’ (Nobel Peace Prize) හිමිකරගත්, ඇමෙරිකාවේ 26 වැනි ජනාධිපතිවරයා වූ තියොඩොර් රූස්වෙල්ට් (Theodore Roosevelt) යනු කාලයක් පුරා ගව පට්ටියක් පවත්වාගෙන ගිය සාමාන්‍ය මිනිසෙකි. ඔහු එකල ඇමෙරිකාවේ ඩැකෝටා ප්‍රාන්තයේදී මෙම ව්‍යාපාරය සිදුකළ අතර, විනෝදය උදෙසා එම වනාන්තරවල සිටි අතිවිශාල ‘බයිසන්’ ගවයන්ට වෙඩි තබමින් ඝාතනය කිරීමද සිදුකළේය. එසේ ඔහු සිදුකළේ එකල ඇමෙරිකාවේ පැවැති තරගකාරී ක්‍රීඩාවක් උදෙසාය. මෙම කාලවකවානුව 1883 – 1887 වැනි සමයක් වූ අතර, එකල මෙම ක්‍රීඩාව නිසා ‘බයිසන්’ ගවයන් සීග්‍රව වඳවී යෑමේ තර්ජනයකටද පත්විය. රූස්වෙල්ට් එහිදී කල්පනා කරන්න වූයේ මෙවැනි සතුන් ඝාතනය කිරීම නවතා දමා, එම සතුන් සහ එම සතුන්ට හිමි වනාන්තර බිම්ද ආරක්‍ෂා කළ යුතු බැව්ය. ඒ අනුව රූස්වෙල්ට් තවත් කිහිප දෙනෙකු සමග එක්ව, ක්‍රීඩාවන් සඳහා ඝාතනය කරනු ලබන සතුන් සහ එම සතුන්ගේ වනාන්තර බිම්ද ආරක්‍ෂා කිරීම සඳහා සමාජයක්ද පිහිටුවා ගත්තේය. රූස්වෙල්ට් මෙලෙස කාලයක් පුරා සත්ව සහ වන සංරක්‍ෂණය සිදුකරනු ලබන නායකයකු බවට පත්විය. ඒ අනුව ඔහු විසින් 1887 දී ස්ථාපිත කරණු ලැබූ වන සත්ව සංරක්ෂණ සමාජය (Game Animals Conservation Club) ඇමෙරිකාවේ ප්‍රථම වන සත්ව සංරක්‍ෂණ ආයතනය ලෙසටද ඉතිහාසයට එක්විය.

කෙසේ හෝ 1901 වසරේදී තියොඩොර් රූස්වෙල්ට් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන්නේද මෙවැනි කීර්තිමත් වටපිටාවක් හරහාය. එසේම එවිට ඔහු පරිසර සංරක්‍ෂණ නායකයකු ලෙස ජනතාව අතර ප්‍රකටවද සිටියේය. ලෝකයේ පරිසර සංරක්‍ෂකයින් ඉතා ඈත අතීත කාලයක සිට සිටි බැව් ප්‍රකාශ වුවත්, ලොව රාජ්‍ය නායකයකු ලෙස, පරිසර සංරක්‍ෂණ නායකයකු පත්වූ ප්‍රථම අවස්ථාව එය ලෙස වාර්තාගතවී ඇත. ඔහු ජනාධිපති ධුරයට පත්වූ පසුව වසර 08ක් නොකඩවා එම ධුරයෙහි කටයුතු කළ අතර, එම සමයේදී ඔහුගෙන් ඇමෙරිකාවේ සහ ලෝකයේ අනෙකුත් පාරිසරික සංරක්‍ෂණ කටයුතු සඳහා සිදුවූ මෙහෙවර අති විශාලය. ඔහු එම කාලය තුළදී ඇමෙරිකාව තුළ ජාතික වනෝiාන, අභය භූමි, සංරක්‍ෂිත වනාන්තර රැසක් අලුතින් ස්ථාපිත කළේය. එසේම අත්ලාන්තික් සාගරය සහ පැසිෆික් සාගරය එකට එකතු කරනු ලබන මහා සුවිශාල නිර්මාණයක් වූ ‘පැනමා ඇළ’ (Panama Canal) ගොඩනැඟීම ආරම්භ කරනු ලැබුවේ ජනාධිපති තියොඩොර් රූස්වෙල්ට් විසිනි. එසේම එකල ඔහු දරුණු ලෙස පැවැති රුසියානු – ජපන් යුද්ධය (Russo – Japanese) නැවැත්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ රාජ්‍ය නායකයකු විය. මොහුගේ මෙම පාරිසරික සහ සාමයික මෙහෙවර උදෙසා ඔහුට 1906 වසරේදී ජනපති ධුරය දරමින් සිටියදී නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලැබුවේය.

ලෝකයේ ප්‍රථම පාරිසරික රාජ්‍ය නායකයා ලෙස පිළිගැනෙන මෙම සුවිශේෂී මිනිසා ගැන යමක් ඔබට ලියා තැබුවේ, පසුගියදා ශ්‍රී ලංකාවෙන්ද අසන්නට ලැබුණු එක්තරා පාරිසරික වගතුගක් හේතුවෙනි. එයින් කියැවෙන්නට වූයේ, ශ්‍රී ලංකාවේ වත්මන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පසුගියදා පාරිසරික විෂයට අදාළව උසස් අධ්‍යාපනයක් හැදෑරූ පුවතකි. එනම් ඔහු මෙයට ටික දිනකට ඉහතදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් පවත්වන ලද ශාස්ත්‍රපති උපාධි විභාගයකින් ඉහළින්ම සමත්ව තිබීමේ පුවතයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා Environmental Policy Planning and Assesment (පාරිසරික ප්‍රතිපත්ති සම්පාදනය සහ තක්සේරුකරණය) නැමැති විෂයට A+ සාමාර්ථයක්ද, Environmental Economics and Management (පාරිසරික අර්ථ ශාස්ත්‍රය සහ කළමනාකරණය) නැමැති විෂයට A+ සාමාර්ථයක්ද හිමිකරගෙන ඇත. මෙය ශාස්ත්‍රපති විද්‍යා උපාධියක් (Masters of Science MSc) වන අතර, එය පාරිසරික විද්‍යාව ආශ්‍රිතව (Environmental Science) සිදුකෙරෙන උසස් අධ්‍යයනයකි.

මෙම උසස් අධ්‍යාපනික ජයග්‍රහණය ලබා ගැනීම ගැන සජිත් ප්‍රේමදාස මහතා තමාගේ මුහුණු පොතේ (ෆේස්බුක්) මෙවැනි සටහනක්ද තබා ඇත.

‘දේශපාලනය කිරීමට යම් විෂයක ප්‍රවීණතාවයක් අවශ්‍ය වනවා යැයි මම සිතන්නේ නැහැ. එහෙත් එහිදී මුහුණ දෙන්නට වන ප්‍රශ්න විසඳීමට නම් ඉගෙනීමක් අවශ්‍ය වෙනවා. එනම් ඉගෙනීම නවත්වා සිටියහොත් එය බාධාවක් වෙනවා. මම පාරිසරික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියේ අවසන් විභාගය සඳහා විෂයන් දෙකකට පෙනී සිටියා. මෙය ඉතාමත්ම අමාරු විභාගයක්, එහෙත් එය සාර්ථකව කළා කියලා මම හිතනවා.’

ඔහු මෙම සටහන තබා ඇත්තේ ඉහත විභාගයට පෙනී සිටීමෙන් පසුවය. කෙසේ හෝ දැන් ඔහු එම විභාගයෙන් සාර්ථකව සමත්ව ඇත. මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනික චරිතයක් ශාස්ත්‍රපති උපාධියක් ලබා ගනිමින් තම අධ්‍යාපනික සුදුසුකම් තවත් දියුණුකර ගෙන තිබීම අවධානයට ලක්වී ඇත. බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් ගත්කල ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් පවතින බැව් පැහැදිලිවම පෙනී යයි. එවැනි වටපිටාවක් තිබියදී ප්‍රධාන දේශපාලනික තනතුරක සිටියදී පාරිසරික විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන නායකයා ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සැලකෙයි. සමගි ජනබලවේගයේ නායකත්වය දරන ඔහු දැනට 55 වැනි වියෙහි පසුවෙයි. මෙයට පෙර ඔහු එංගලන්තයේ, ‘ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලෙන්’ (Condon School of Economics) උපාධියක්ද හිමිකරගෙන ඇත. මෙය ලන්ඩන් විශ්වවිද්‍යාලයට (Universicty of Condon) අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයකි. කෙසේ හෝ වත්මන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස තමන්ගේ අධ්‍යාපනික වටපිටාව සවිශක්තිමත් කරගෙන ඇත.

මෙවැනි අලුත්ම කතාන්දරයක වගතුග හෙළිවන විටදී පසුගිය ජුනි 05දා ලෝක පරිසර දිනයද සැමරිණි. ලෝකයේ රටවල් රැසක් මෙම දිනය සිහිවීම සඳහා විවිධ ක්‍රියාකාරකම් රැසක් සිදුකළ අතර, ශ්‍රී ලංකාවේද එම දිනය උදෙසා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලදී. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හමුවේ එම කටයුතු එතරම් උද්දීපනයකට පත්නොවීය. එහෙත් විටෙක අප අවබෝධ කරගත යුත්තේ, මෙම අර්බුදය හමුවේද එක්තරා ආකාරයකින් මෙරට තුළ පාරිසරික විනාශයක්ද සිදුවී ඇති බැව්ය. එනම් ගෑස්, පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් නැත්තටම නැතිවීම සහ එම තත්ත්වයට විකල්පයක් ලෙස භාවිත කළ ‘වියළි දර’ පවා සොයා ගැනීමට නොහැකි වීම ආදී කරුණු රැසක්ද පරිසරයට ඍජුවම අදාළය. එසේම රට පුරා ඇති අනේක විදියේ විශාල පෝලිම්, අතිශය දරුණු ආහාර හිඟය වැනි කරුණුද පාරිසරික, මානුෂික ප්‍රශ්න ලෙස සැලකිය හැකිය. එනම් මෙම දරුණු අර්බුදය හමුවේ පැහැදිලි පාරිසරික වටපිටාවක් මෙරට තුළ නැත. කෙටියෙන් සිතුවහොත් විදුලිබලය පවා නිසිලෙස ජනතාවට නොමැති වීමද එක්තරා පාරිසරික ප්‍රශ්නයකි.

අපගේ රටේ තත්ත්වය එසේ වුවද, ලෝකයේ ප්‍රධානතම පාරිසරික සංවිධානය ලෙස සැලකෙන එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය විසින් ලෝක පරිසර දිනය උදෙසා විවිධ කටයුතු දියත් කරන ලදී. ඔවුන්ගේ කෙන්යාවේ, නයිරෝබි නුවර පිහිටා තිබෙන මූලස්ථානයේදී සහ අනෙකුත් ප්‍රාදේශීය මධ්‍යස්ථානවලදීද එම කටයුතු ක්‍රියාත්මක කරන ලදී. ලොව බොහෝ රටවල් මේ වන විට පාරිසරික ප්‍රශ්න ඉතා දැඩි අවධානයකට ගෙන සිටිති. එසේම එම රටවල් තුළ විවිධ ආකාරයේ සංවිධාන මෙන්ම ක්‍රියාකාරී නායකයන් රැසක්ද බිහිවී ඇත. මේ වන විට ලෝකයේ රටවල් 193ක් එක්සත් ජාතීන්ගේ පාරිසරික සංවිධානයේ සාමාජිකත්වය ලබා ඇත. ශ්‍රී ලංකාවද ඒ අතරට අයත් වෙයි. දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය, ස්වාභාවික සම්පත් නිස්සාරණය, ධරණීය ආහාර රටා, ආහාර සුරක්‍ෂිතතාව, බලශක්ති කාර්යක්‍ෂමතාවය, බලශක්තිය, කසළ සහ රසායනික කළමනාකරණය, දිළිඳුකම සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය, පොසිල ඉන්ධන දහනය, හරිතාගාර වායු මුදාහැරීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ නැඟීම ආදී මාතෘකා රැසකින් මෙම පාරිසරික ක්‍රියාන්විතය සමන්විතය.

මේ අතර ලෝකයේ රට, රටවල් අවධානයට ගත්කල විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි පරිසර නායකයන් රාශියක් සිටිති. එහෙත් එහිදී ලෝකයේ රාජ්‍ය නායකයන් ලෙස සිටින්නේ ඉතා අතළොස්සක් පමණි. මෙලෙස සිටින රාජ්‍ය පාලකයන්ගේ වතගොතද අපූරු කතාන්දරයකි. එවැනි ලොව සිටින ප්‍රධානතම රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකුගේ වතගොත සොයා බලමු.

අති ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ – (Hole Pope Francis of Vatican)
ලෝකයේ කිතුනුවන්ගේ ප්‍රධාන ආගමික නායකයා ලෙස සැලකෙන, දැනට 85 වැනි වියෙහි පසුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ යනු ලෝකයේ ඉතාම කුඩා රාජ්‍යයක් වන ‘වතිකානුවේ’ පාලකයාද වෙයි. එනම් ඔහු රාජ්‍ය නායකයකු වශයෙන්ද සැලකෙයි. ලෝකය පුරා මහත් ගෞරවාදරයට පත්වී සිටින උන්වහන්සේ ලෝකයේ පාරිසරික ප්‍රශ්න කෙරෙහි දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ පුද්ගලයෙකි. අද ලෝකයේ සිදුවන භයානක දේශගුණික විපර්යාස බහුතරයක් මිනිස් ක්‍රියාකාරකම්වල නරක ප්‍රතිඵලයක් ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමා කියා සිටියි. දේශගුණික විපර්යාස විසඳීම යනු පෘථිවිය සහ අවදානමට ලක්විය හැකි මිනිසුන් ආරක්‍ෂා කිරීම යැයිද උන්වහන්සේ ප්‍රකාශ කර ඇත. නීරෝගී පරිසරයක් ලබා ගැනීම සෑම මිනිසෙකුගේම අයිතිවාසිකමක් බැව් පෙන්වා දෙන උන්වහන්සේ, පසුගිය වසර ගණනාවක් පුරා පාරිසරික අර්බුද රැසක් විසඳීම උදෙසා ලෝක නායකයන් සමග එකට එක්ව කටයුතු කළහ.

ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා – (Former US President Barack Obama)
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා යනු ලෝක පාරිසරික අර්බුද විසඳීම කෙරෙහි මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ රාජ්‍ය නායකයෙකි. තමන් ඇමෙරිකානු ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී ලෝකයේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි ඔහු ඉතා දැඩි උනන්දුවකින් කටයුතු කළේය. පාරිසරික අර්බුද සඳහා වූ ඓතිහාසික පැරිස් සම්මුතිය ඇති කිරීමට මුල්වී කටයුතු කළේ බැරැක් ඔබාමාය. 2014දී ඔහු චීනය සමගද ද්විපාර්ශික ගිවිසුමකට එළැඹීමට සමත් විය. ගෝලීය දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට ඇමෙරිකාව නායකත්වය ලබාදෙන බැව් ඔහු ප්‍රකාශ කර සිටියේය. 2030 වසර වන විට කාබන් දූෂණය ටොන් බිලියන 06කට ආසන්න ප්‍රමාණයකට අවම කිරීම, මෙගාවොට් 12,000කට ආසන්න සුළං, සූර්ය සහ භූතාප ශක්තීන් සංවර්ධනය කිරීම සහ සක්‍රීය කිරීම ආදී සුවිශේෂී පරිසරහිතකාමී ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට බැරැක් ඔබාමා මහත් වෙහෙසක් ගෙන කටයුතු කළේය.

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් – (German Chancellor Angela Merkel)
ජර්මනියේ හිටපු චාන්සලර්වරිය වන ඇය ලෝකයේ බොහෝ පාරිසරික අර්බුද විසඳීම කෙරෙහි ප්‍රබල දායකත්වයක් සැපැයූ රාජ්‍ය නායිකාවකි. ඇය මෙම විෂය කෙරෙහි කෙතරම් දායකත්වයක් සැපැයුවේද යත්, ඇයට ජර්මනියේ ජනතාව ආදරයෙන් හඳුන්වන අන්වර්ථ නාමයක් වන්නේ ‘දේශගුණික චාන්සලර්’ (Climate Chancellor) යන්නය. දැනට 67 වැනි වියෙහි පසුවන ඇය ජර්මනියේ චාන්සලර්වරිය (නායිකාව) ලෙස නොකඩවා වසර 16ක් කටයුතු කළ, ජනතාව අතර අතිශය ජනප්‍රිය වූ නායිකාවකි. ඇය ‘ජර්මානු බලශක්ති සංක්‍රාන්තිය’ (German Energy Transition) නමින් නව බලශක්ති ප්‍රතිපත්තියක්ද ප්‍රකාශයට පත්කර, ක්‍රියාවටද නැඟුවාය. එහිදී සුළං, සූර්ය, ජෛව සහ භූතාප බලශක්ති භාවිත කිරීමේ පුළුල් ක්‍රමවේදයක් දියත් කළේය. ‘අපට අවශ්‍ය වන්නේ න්‍යෂ්ටික බලශක්ති භාවිතය අවසන් කර පුනර්ජනනීය බලශක්ති යුගයට හැකි ඉක්මනින් ළඟා වීම යැයි ඇය ප්‍රකාශ කර ඇත.

කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ – (Canadian Prime Ministor Justin Trudeau)
ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සමග එකට එක්ව බොහෝ පාරිසරික ව්‍යාපෘති ක්‍රියාත්මක කළේය. වර්තමානයේද අගමැති ධුරය දරන ජස්ටින් ටෲඩෝ තමන්ගේ කැනඩාවේ පමණක් නොව, වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවල පාරිසරික අර්බුද සඳහාද තාක්ෂණයෙන් සහ මූල්‍යමය ආධාරයෙන්ද උදව්, උපකාර කළේය. ඒ සඳහා ඔහු වසර 05ක සැලැස්මකට ඩොලර් බිලියන 2.65ක සුවිශාල මුදලක් වැය කළේය. ජස්ටින් ටෲඩෝ තමන්ගේ කැනඩාව හරහා ඉදිකිරීමට සැලැසුම් කරන ලද තෙල් නළ මාර්ග දෙකක් ඉදිකිරීම තහනම් කරනු ලැබුවේය. මෙසේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වෙත තෙල් ගෙන යෑමේ අති සුවිශාල තෙල් නළ පද්ධතීන් නිසා පරිසරයට වන හානිය සලකා අගමැතිවරයා එම තීරණය ගෙන ඇත. එසේම කැනඩාව තුළ තිබෙන අති විශාල අභය භූමි, සංරක්‍ෂිත වනාන්තර, වැව්-ගංගා ආදිය රැක ගැනීම උදෙසාද ඔහු දක්වන මෙහෙවර විශිෂ්ටය.

ඇල්බට් අල් ගෝර් – (Former Vice President of the United States)
දැඩි පරිසර හිතවාදියකු ලෙස ඇමෙරිකාවේ හිටපු උපජනාධිපති අල් ගෝර්ද ප්‍රකටය. ගෝර් කටයුතු කළේ බිල් ක්ලින්ටන් ජනාධිපතිව සිටි සමයේය. එවකදී ඔහු දැඩිව පරිසරය වෙනුවෙන් පෙනී සිටියකු විය. නමුත් 2000 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී අල් ගෝර්, ජෝර්ජ බුෂ් හමුවේ ඉතා තියුණු සටනකින් පසු පරාජයට පත්විය. ඒ, ෆ්ලොරිඩා ප්‍රාන්තයෙනි. කෙසේ වෙතත් අදද ඇමෙරිකානු ජනතාව සිතන්නේ අල් ගෝර් එම සටනින් ජයග්‍රහණය කළා නම් අද ඇමෙරිකාව පාරිසරික අතින් ලෝකයේ දියුණුම තැනට පැමිණෙනු ඇතැයි කියාය.

රුවන්ඩා අගමැති පෝල් කගාමේ – (Paul Kagame – President of Ruvanda)
අප්‍රිකානු රටවල් අතර සිටින ප්‍රබල පරිසරහිතවාදී රාජ්‍ය නායකයෙකි. අප්‍රිකානු රටවල් රාශියකදීම මෙවැනි ආකාරයේ නායකයකු දැකගැනීම ඉතා දුර්ලභය. අතිශය දරුණු ලෙස ආර්ථික, සමාජයීය සහ මූල්‍ය අර්බුදයකට පත්ව සිටි රුවන්ඩාව මෙම පාලකයා යටතේ සාර්ථකව ගොඩගැනීමට හැකිවී ඇත. තමන්ගේ රටේ ස්වාභාවික සම්පත් රැකගැනීම උදෙසා ඔහු දිවා – රාත්‍රී මහත් වෙහෙසක් ගෙන කටයුතු කරයි. ඔහු විසින් පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා ජාතික අරමුදලක්ද පිහිටුවන ලද අතර, එය වසරක් තුළදී ඩොලර් මිලියන 75ක් රැස් කිරීමටද සමත් විය. පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම සඳහා ඔහු වැඩපිළිවෙළවල් ගණනාවක්ම එරට තුළ ක්‍රියාත්මක කර ඇත. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (United Nations Environment Programme) විසින් පිරිනමනු ලබන සුවිශේෂී ජාත්‍යන්තර සම්මානයක් වන, Champions of the Earth Award (පෘතුවියේ වීරයෝ) නැමැති සම්මානයෙන්ද පෝල් කගාබේ පිදුම් ලබා ගෞරවයට පත්වී ඇත. මේවා කෙතරම්ම අපූරු කතාන්දරද..?



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

එජාප මහලේකම් රංගේ බණ්ඩාර තෙල් ප්‍රශ්නයේ සුලමුල හොයාගනී! ත්‍රීවීල් කට්ටිය ෆුල් ටෑන්ක් ගහලා එළියෙ වැඩි මිලට ජාවාරම් කරනවා! දෙවුන්දර තුඩුවෙ ඉඳන් ‌පේදුරු තුඩුව දක්වා හැම ගෙයක්ම පරීක්ෂා කරන්න ඕනෑ! නැව් 5ක තෙල් ගෙවල්වල හංගගෙන ඉන්නවා! (VIDEO)

Next Post

17 සල්ලි ගෙව්වා කිව්වා! 19 කිව්වා 23 නැව එනවා කියලා! 23 කිව්වා දවසකින් පරක්කු වෙනවා කියලා! 24 කිව්වා නැව එන්නේ නෑ කියලා! 26 එන දිනයක් කියන්නත් බෑලු! කංචනගෙයි ආණ්ඩුවෙයි තෙල් නාඩගම ගැන-රටේ තෙල් ගෑස්-පෝලිම් ගැන නීතීඥ සංගමයෙන් සැර නිවේදනයක්!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.