මඩකලපුවේ සිදුවන මහා වැලි ජාවාරම පසුපස රාජපක්ෂ පවුලේ නම කියවෙන බවට මාධ්‍යවේදීන් විසින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටිනු දැක ගත හැකි විය.
එහිදී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ මාධ්‍ය අවධානය දිනා ගැනීම සදහා විපක්ෂය මේ ආකාරයට සියලු දේටම රාජපක්ෂ පවුලේ නම යොදාගන්නා බවත්, ජනාධිපතිවරයා කිසිදු ආකාරයකින් වැරදි වැඩට ආධාර නොකරන බවත්ය.
මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසත් සාක්ෂි දීම සදහා තමන්ද පැමිණෙන බවත් මෙහිදී අමාත්‍යවරයා සදහන් කර සිටියේය.










