• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වඳ වෙනවද? ලිංගික ශක්තිය හීන වෙනවද? ලංකාවේ කොල්ලො කෙල්ලො එන්නත විදගන්නේ නැත්තේ ඇයි!

October 5, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
වඳ වෙනවද? ලිංගික ශක්තිය හීන වෙනවද? ලංකාවේ කොල්ලො කෙල්ලො එන්නත විදගන්නේ නැත්තේ ඇයි!
Share on WhatsAppShare on Facebook

මේ වෙනකොට ලංකාවේ එන්නත් ලබාදීමේ කාර්යභාරය ඉතා සාර්ථකව සිද්ධ වෙනවා කියන එක අපට කිසිම දේශපාලන කාරණාවකින් තොරව කියන්න පුළුවන් දෙයක්. ලංකාවෙ කොවිඩ් පාලනය වෙලාද, නැත්නම් කොවිඩ් රෝගින් අඩුවෙලාද කියන එක වෙනම කතාවක්. ඇත්තටම ගණිතය අනුව නම් ලංකාවෙ කොවිඩ් රෝගීන් අඩුවෙලා. ඒක විශාල අඩුවීමක්. ඒ වගේම කොවිඩ් මරණ සංඛ්‍යාවත් විශාල වශයෙන් අඩුවෙලා තියෙනවා. දළ වශයෙන් ගත්තම මේක අඩුවෙලා තියෙන්නේ හතරට එකක අනුපාතයකින් කියලයි අපට පේන්නේ. කොවිඩ් රෝගීන් 4,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණු එක, රෝගීන් 900ක් දක්වා අඩුවෙලා තියෙනවා. ඒ කියන්නේ හතරෙන් එකක්. ඒ වගේම රෝගීන්ගේ මරණ 200 දක්වා වාර්තා වෙච්ච ප්‍රමාණය 50ට ආස්නන ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. එතකොට ඒකත් හතරෙන් එකක් දක්වා අඩුවෙලා. එහෙම නම් කොවිඩ් රෝගීන් වාර්තා වීම, කොවිඩ් මරණ මේ සියල්ල අඩුවෙන අතරතුරේ කොවිඩ් සම්බන්ධ වාට්ටු හිස් විය යුතුයි. ඇත්තටම වෛද්‍යවරු කියනවා මේ වෙනකොට කොවිඩ් වාට්ටු හිස්වෙලා, ඔක්සිජන් අවශ්‍යතාව යම් ප්‍රමාණයකට අඩුවෙලා කියලත්. ඒ අතරතුරේ කොවිඩ් සඳහා වෙන් කරපු අයි.සී.යූ. ඇඳන් මේ වන විට හිස්ව ඇති බවත් ඒ අය කියනවා. එහෙම නම් මේ කාරණා එක්ක ගත්තට පස්සේ කොවිඩ් සම්බන්ධව අපි ඉන්නේ යම් කිසි පොසිටිව් තැනක කියලා අපට හොයාගන්න පුළුවන්.

මේ වෙනකොට ලංකාවෙ විශාල ප්‍රමාණයකට කොවිඩ් එන්නත් ලබාදීලා අවසන්. ගණන් හිලව් නොලියන්නේ මේ ලියන දවස වෙනකොට තියෙන සංඛ්‍යාව, ඔබ කියවන දිනය වන විට විශාල වෙනසක් තියෙන්න පුළුවන් නිසා. මේක ජනගහනය අනුව ගත්තොත්, නැත්නම් වයස් කාණ්ඩ අනුව ගත්තොත්, වයස අවුරුදු 60 සිට ඉහළට අයට බොහෝ දෙනෙක් මේ වෙද්දී එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඉවරයි. ඒ වගේම වයස අවුරුදු 30-60 ලංකාවේ වැඩිම බරක් දාපු කොවිඩ් එන්නත්කරණය තමයි ඒක මේ වෙනකොට 30-60 සීමාවේ පිරිසටත් එන්නත් විශාල වශයෙන් ලබාදීලා අවසන් තත්ත්වයක් තමයි අපට අහන්න දකින්න ලැබෙන්නේ. ඒ අනුව ගත්තම කොවිඩ් එන්නත් වර්ග කිහිපයක් ලංකාවේ අයට ලබාදුන්නා. මුලින්ම ඇස්ට්‍රසෙනිකා එන්නත, ඉන් පසු සයිනොෆාම් එන්නත, සමහර තෝරාගත් ප්‍රදේශවලට ස්පුට්නික් එන්නත, ෆයිසර්, මොඩර්නා කියන මේ එන්නත් දෙකත් ලංකාවේ සමහර අයට ලබාදුන්නා. මෙහෙම ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ලංකාව කොවිඩ් එන්නත් ලබාදීමේදී ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නූ රටක් බවට වර්ණනා කරනවත් අපි දැක්කා. කොවිඩ් එන්නත්කරණයේදී මේ ලැබූ ජයග්‍රහණයට හේතු වෙන්නේ ඇත්තමට හමුදාවේ සහයෝගය සහ ලංකාවේ සෞඛ්‍ය අංශවල ඒ සඳහා කළ කැපකිරීම කියලයි පේන්නේ. ඊට අමතරව විවිධ ගම්මානවල, විවිධ නගරවල, විවිධ කණ්ඩායම් විසින්, විවිධ ප්‍රාදේශීය නායකයන් විසිනුත් මේ කටයුත්තට තමන්ගෙ ජීවිතය දෙවැනි කරලා කටයුතු කළා. ඇත්තටම එන්නත ලබාදීමෙන් පස්සේ ලෝකෙ බොහෝ රටවල් එය ජයග්‍රහණයක් විදියට සමරනවා අපි දැක්කා. ඇමෙරිකාවේ එක්තරා අවස්ථාවකදී රාජ්‍ය නායකයා විසින් ප්‍රකාශයක් කරලා තිබුණා මාස්ක් නොමැතිව රාජ්‍ය දිනය සමරන්නට සූදානම් වෙන්න කියලා. එංගලන්තයේ පැවැත්වෙන සමහර ක්‍රිකට් තරගවලදි අපට පේනවා නරඹන්නන් මාස්ක් පැලඳීමෙන් තොරව නිදහසේ ක්‍රිකට් තරග නරඹනවා. ඒ වගේම ජාත්‍යන්තර පාපන්දු තරග නරඹද්දි අපට පේනවා මේ කොවිඩ් කාල වකවානුව තුළම ඒ අය බොහොම නිදහසේ බොහොම නිවාඩුපාඩුවේ මාස්ක් පැලඳීමෙන් තොරව, සමහර අය මාස්ක් දාගෙන වුණත් කණ්ඩායමක් විදියට එකතු වෙලා මේ තරග නරඹන ආකාරය.

මේ සියල්ලන්ටම ලැබිලා තියෙන එකම එක වරප්‍රසාදය එන්නත්කරණය පමණයි. එහෙම නැතිව ලෝකයේ කිසිම රටකට විශේෂ දෙයක් සිද්ධ වෙලා නෑ. ඒ කියන්නේ ලංකාවට සිද්ධ වෙන දේමයි එංගලන්තය, ඒ වගේම ඇමෙරිකාව, ඔස්ටේ්‍රලියාවට ලැබිලා තියෙන්නෙත්. ප්‍රශ්නයකට තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි, අපට ලබාදෙන එන්නත සහ එංගලන්තයට ලබාදෙන එන්නත අතර තියෙන වෙනස. එංගලන්තය එන්නත් ලබාගනිද්දී ඔවුන්ට අවශ්‍ය නම් ෆයිසර්, මොඩර්නා, ස්පුට්නික් මේ කියන එන්නත්වලින් කැමැති එකක් ලබාගැනීමේ හැකියාව තිබුණා. ස්පුට්නික් එන්නත සම්බන්ධව මේ වෙද්දී ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. ඒ සම්බන්ධව ලෝකයේ පිළිගැනීම ගැන ඇත්තටම ඒ ගැන අපි කියන්න දන්නෙ නෑ. ඒකට හේතුව මොකක්ද කියන්න අපි දන්නෙත් නෑ. අපි කියන්නේ මේ සාමාන්‍ය කරුණු කිහිපයක් පමණයි.

කොහොම නමුත් මේ වෙනකොට ලංකාවෙ එන්නත්කරණය ඇවිල්ලා තියෙන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකට. මේ ලියන මොහොත වෙනකොට නම් ඇත්තටම වයස අවුරුදු 20-30 නැත්නම් 18-30 අතර මට්ටමෙනුත් එහාට ගිහිල්ලා පාසල් ශිෂ්‍යයන් එන්නත්කරණයට ලක්කරන තැනට ඇවිල්ලයි තියෙන්නේ. මේ වෙනකොට තරුණයො එන්නත අරගෙනද? මේක විශාල ප්‍රශ්නයක්. ශ්‍රී ලාංකික තරුණයන් එන්නත් ලබාගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තියෙන්නේ. ඔවුන්ගෙන් ඇහුවම ඔවුන් කියන්නේ අපැහැදිලි කාරණා කිහිපයක්. මුලින්ම ඔවුන් කියපු කාරණාව තමයි ෆයිසර් හෝ මොඩර්නා එන්නත්වලින් තොරව වෙනත් එන්නතක් ලබාගන්න ඔවුන් අකැමැති බව. මේ තර්කයට හේතුව විදියට ඔවුන් නිතරම කිව්වේ ෆේස්බුක් එකේ එහෙම නැත්නම් සමාජ ජාලවල පළවෙන ප්‍රවෘත්ති. ඒවායින් මේ අයගෙ මනස වෙනස් කරන්න සමත් වෙලා තිබුණා. දැන් ලෝකෙ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඕනෑම රාජ්‍ය නායකයකුට තේරෙන්න ඕනෙ කාරණාවක් තමයි ෆේස්බුක් සහ සමාජ ජාල, නැත්නම් වෙළෙඳ දැන්වීම්වලින් මිනිසුන්ගෙ මනස වෙනස් කළ හැකි බව. එන්නත්කරණයේදී ඒක වාසියක් බවට තමන්ට හරවා ගන්න පුළුවන්කම තියෙද්දිත් අපේ රට එහෙම ඒක හරවා ගත්තෙ නෑ. නමුත් ලෝකෙ බොහෝ රටවල් එන්නත්කරණය පිළිබඳ තරුණයන් දැනුවත් කළා. ඔවුන් ඒ සඳහා සමාජ ජාල යොදාගත්තා. ඒ සඳහා යූටියුබර්ස්ලා යොදාගත්තා. මේ අය යොදාගෙන ඔවුන්ගෙ දැනුම, ප්‍රසිද්ධිය මගින් එන්නත්කරණය ගැන නිතරම මිනිසුන්ව දැනුවත් කළා. එන්නත්කරණය ඉතා සාර්ථක වැඩපිළිවෙළක් ගැන තරුණයන්ට තේරෙන්න පටන් ගත්තා. එහෙම තේරෙන්නෙ පටන්ගත්ත තරුණයො එන්නත්කරණය සඳහා තම කැමැත්තෙන්ම, උවමනාවෙන්ම එන්නත් විදින තැනට ගියා. ඔවුන් ජීවිතයේ වරප්‍රසාද භුක්ති විඳින්නට කැමැති නිසා, මේ දේවල් කළා. සමහර රටවල නම් අරගල ඇතිවුණා. එන්නත්වලට විරෝධතා දියත් කළා. බොහෝ රටවල එන්නත් කාඩ් එක නැතුව එළියට බහින්න බැරි තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. මේ කාඩ් එක කියලා කියන්නේ කඩදාසිවලින් හදපු නිකන් කූපන් පොතක් වගේ එකක් නෙවෙයි. ඔවුන් එය ක්‍රමවත්ව ලබාදුන්නා.

අද වෙද්දී ප්‍රංශයේ, නැත්නම් ඉතාලිය වගේ රටවල මේ එන්නත් කාඩ්එක නැතුව පොදු ප්‍රවාහන සේවයක වාඩිවෙලාවත් යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ගෙදරින් එළියට බහිද්දී කාඩ් එක අරගෙන, ඒ පිළිබඳ විමසන ක්‍රමවේදයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ලංකාව තවමත් ඒ තැනට ඇවිල්ලා නෑ. අපි නිකන් තැන් තැන්වල එක එක දේවල් කියනවා විතරයි.

දරුවන්ට එන්නත ලබාදීම සම්බන්ධව නිවැරැදි වැඩපිළිවෙළක් දියත් වෙලා තියෙනවද නැද්ද කියන එක තාමත් අපට ප්‍රශ්නයක්. ඒ නිසා තරුණයන්ට එන්නත් ලබාදීම ගැන අහන්නවත් බැරි තැනට අපි අවිල්ලා තියෙන්නේ.

එන්නත සම්බන්ධව දිගුවක් ඉදිරියේදී සිද්ධ වේවි. සමහර රටවල් තුන්වැනි මාත්‍රාවත් ලබාදීලා අවසන්. ඒත්, අපේ රටේ තරුණයො තාමත් එන්නත් පොළට යන්නේ ඉතා අඩුවෙන්. සමහර තැන්වල එන්නත් 400ක් අරගෙන ගියාට පස්සේ, එන්නත් ලබාගන්න ඇවිල්ලා තිබුණේ 100කටත් අඩු පිරිසක්. ලංකාවෙ මේක බහුලව දක්නට ලැබෙන තත්ත්වයක්. විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, කළුතර කියන බස්නාහිර පළාතට අයිති ප්‍රධාන නගර තුනේ ඇරුණම ඉන් පිටතට යනකොට විශාල ප්‍රමාණයක් දෙනා එන්නත ලබාගැනීමෙන් වැළකී සිටීමට උත්සාහ කරනවා. විවිධ උපක්‍රම යොදනවා. මේ තත්ත්වය යටතේ එන්නත් සම්බන්ධව අපේ තියෙන මානසිකත්වය වෙනස් නොවුණොත් අනිවාර්යයෙන්ම අපේ ශරීරය ඇතුළේ කොවිඩ් වෛරසය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අපේ මානසිකත්වය වෙනස් වෙන්න කලින් කොවිඩ් වෛරසය වෙනස් වුණොත් ඒ වෙනස්වෙන වෛරසයට ගැළපෙන විදියට ආයෙත් අපට කොවිඩ් එන්නත් හදන්න වෙනවා.

ඒ නිසා නෝනාවරුනි, මහත්වරුනි, දරුවනි, දැරියනි, හිතාදර තරුණ තරුණියනි, කොවිඩ් කියන්නේ මාරාන්තික ලෙඩක් තමයි. හැබැයි ලෝකයේ කෝටි ගානක් කොවිඩ්වලින් සුවවෙලා අවසන්. ඒ නිසා කොවිඩ් වැලඳීම නෙවෙයි ප්‍රශ්නෙ. කොවිඩ්වලින් මියයාමයි ප්‍රශ්නෙ. කොවිඩ්වලින් සංකූලතා ඇතිවීමයි ප්‍රශ්නෙ. කොවිඩ්වලින් ඇතිවන සංකූලතා වළක්වා ගැනීමට ලෝකයේ කිසිම බලවතෙක් මෙතෙක් වෙන කිසිම විකල්පයක් හොයාගෙන නෑ. ඔවුන් හොයාගෙන තියෙන සාර්ථකම විකල්පය විදියට හඳුන්වා දෙන්නේ අපට එන්නත විතරයි. එන්නතේ ප්‍රශ්න ඇති. ඒ ගැන අපි දන්නෙ නෑ. ඒ ගැන අපි පර්යේෂණ කරන්නෙ නෑ. ඒ ගැන තවමත් ලෝකයේ කිසිම තැනක නිශ්චිත නිවැරැදි පරීක්ෂණයක් සිදුවෙලා නෑ කියන එක අපි දන්නවා. මොකද කොවිඩ් ලෝකෙට ඇවිල්ලා, ලෝකෙට දරුණු ලෙස පහරදීලා තිගැස්මක් ඇතිවුණාට පස්සේ කලබලේට එන්නත් හැදුවා මිස ඒ සම්බන්ධව ෆේස් 1, ෆේස් 2, ෆේස් 3 කියන විධිමත් පරීක්ෂණ කරන්න තරම් තවමත් අපට කාලයක් ලැබුණේ නෑ.

ඒත්, කොවිඩ් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒ නිසා හැකි පමණ එන්නත ලබාගන්න කියලා අපි, අපි දන්නා තරමින්, අපට තේරෙන විදියට ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධව තියෙන විවිධ ප්‍රශ්න ගැන සෞඛ්‍ය අංශ පසුව ඔබට කියාවි. සමහර විට මේ කියන තරම් යකා කළු නොවන්නත් පුළුවන්. ඒ නිසා ලැබෙන පළමු අවස්ථාවේම පළමු කොවඩ් එන්නත ලබාගන්න. මේ අපි කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයේ සෞඛ්‍ය බලවතුන් කියන කතාව. එන්නත ගන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විපක්ෂයට රිදෙයි! විස්මකර්ම අයවැයක් ගේනවා! රෝහිත පාර්ලිමේන්තුවේදී රහසක් හෙළිකරයි! (VIDEO)

Next Post

සුදුළූණු වංචාවක් සිදුව ඇති බව අවංකවම පිළිගන්නවා! සජිත්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බන්දුල පාර්ලිමේන්තුවේදී කියයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.