රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වන බවට ජනාධිපතිවරයා සිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන් කොට ඇති බවත්, වන වනා සිටියහොත් එය ක්‍රියාත්මක කළ නොහැකි බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ අනාගත පරම්පරාව වෙනුවෙන් වස විස නැති ගොවිතැනට යොමු විය යුතු යැයි කියාය.
කෙසේවෙතත් ගොවි ජනතාව මේ පිළිබදව දැනුවත් කළ යුතු බවත්, හානියක් වන්නේ නම් වන්දි ලබා දීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා කීය.










