2022 රනිල් ජනාධිපති වූ පසු අයි.එම්.එෆ්. පළමු වාරිකය ලබාගන්න කාලයක් ගතවිය. පළමු වාරිකය ලැබීමේ අවදානමක් පවතින බව විදේශ මාධ්‍ය සඳහන් කොට තිබිණි. මෙම අවදානම මධ්‍යයේ ඇමෙරිකාවේ Principal deputy assistant secretary of defense for Indo-Pacific security affairs Jedidiah Royal ලංකාවට පැමිණ රනිල්ව හමුවිය. ඔහු පැමිණෙද්දී ඇමෙරිකානු සී.අයි.ඒ. ප්‍රධානියාද රහසින් ලංකාවට පැමිණ රනිල්ව හමුවූ බව විදේශ මාධ්‍ය වාර්තා කළේය. මෙම හමුවීම්වලින් පසු රනිල්ට අයි.එම්.එෆ්. පළමු වාරිකය ලැබිණි. සී.අයි.ඒ. ප්‍රධානියා ලංකාවට ආවේ අරගලය අවස්ථාවේ ලංකාව බංකොලොත් වුණේ චීන ණය උගුල නිසා යැයි මාධ්‍යයන් ප්‍රකාශ කිරීමෙන් පසුවය. ඒ වෙලාවේ රනිල් සී.අයි.ඒ. ප්‍රධානියාට ලංකාවේ ජවිපෙ නැගීම ගැන පැහැදිලි කළ බවත්, ජවිපෙ නැගීම වළක්වන්න නම් අයි.එම්.එෆ්. උදව් අවශ්‍ය බව පැවැසූ බවත් රනිල්ට සමීප ආරංචි මාර්ග වාර්තා කොට තිබිණි. (Sri Lanka Latest News)
ඇමෙරිකානු අද්මිරාල් ලංකාවට ආවේත් අයි.එම්.එෆ්. රිවීව් සහ ඊළඟ වාරිකය කල් යා හැකි බවට අනාවැකි පළවී තිබියදීය. අයි.එම්.එෆ්. ණය සහ ඇමෙරිකානු න්‍යාය පත්‍රය අතර සම්බන්ධයක් ඇති බව පෙනෙන්නේ සී.අයි.ඒ. ප්‍රධානියා සහ Principal deputy assistant secretary ලංකාවට පැමිණ රනිල් හමුවූ පසු අයි.එම්.එෆ්. පළමු වාරිකය ලැබුණු නිසාය.
අනුර ජනාධිපති වීමෙන් පසු පළමු වරට චීන මිලිටරි නැවක් ලංකාවට ආවේය. චීන මිලිටරි නැව ලංකාවට පැමිණි පසු US pacific fleet commander නේවි අද්මිරාල් ලංකාවට පැමිණ අනුර කුමාර හමුවිය. ඔහු ලංකාවට ඇවිත් ප්‍රකාශ කළේ Rule based international order එකට සහාය දිය යුතු බවය. ඔහු එම ප්‍රකාශයෙන් ඉලක්ක කළේ චීනයය. ඔහු අනුර හමුවී චීනය ගැන කතා කළාද දන්නේ නැත. එහෙත් ඔහුගේ හමුවීම සම්බන්ධයෙන් අනුරගේ ප්‍රතිචාරය යහපත් බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනවලින් පෙනෙන්නට තිබේ.
අනුර ජනාධිපති වූ දින සිට ඇමෙරිකානු, ඉන්දියානු, අයි.එම්.එෆ්. නියෝජිතයන්ගේ සංචාර සඳහා ඉහළ ප්‍රසිද්ධියක් ලැබී තිබුණත් අනුර සහ චීනය අතර සම්බන්ධය ගැන තොරතුරක් වාර්තා නොවීය. ජවිපෙ වුවමනාවෙන්ම ඇමෙරිකානු, ඉන්දීය සබඳතාවලට ප්‍රසිද්ධිය දී චීන සබඳතාවලට ප්‍රසිද්ධිය ලබා නොදෙනවාද යන්න දන්නේ නැත. අනුර ජනාධිපති වූ පසු චීනයේ ඉහළ පෙළේ නියෝජිතයෙක් ලංකාවට ආවේ නැත. ආවේ චීන මිලිටරි නැවකි.
අනුර සහ චීනය අතර සම්බන්ධය දැනගත හැකි වන්නේ මේ වසර අවසානයේ චීන පර්යේෂණ නැව්වලට රනිල්ගේ ආණ්ඩුව පනවපු තහනම අවසන් වන විටදීය. අනුර මෙම තහනම දික් කරනවාද, නැද්ද යන්න මෙම වසර අවසානයේදී තීරණය වනු ඇත. එවිට අනුර ඉන්නේ ඇමෙරිකාව සහ ඉන්දියාව සමගද, චීනය සමගද යන්න දකින්නට පුළුවන.








