දැනට විසුරුවා ඇති පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ට සහ නියෝජිතයන්ට දකුණේ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් පත්වීම් ලිපි ලබාදීමෙන් පසු ඒ ආකාරයටම පත් කිරීම් සිදු කරන ලෙසට අනෙකුත් ආණ්ඩුකාරවරුන්ටද ඉහළින් උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එම උපදෙස්වලට අනුව ඉදිරි දින කිහිපය ඇතුළත එම ආණ්ඩුකාරවරුන් විසින්ද ආණ්ඩුකාර කාර්යාලය මගින් දියත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සදහා පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් පත් කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් පළාත් පාලන ආයතන විසුරුවා හැර තිබියදී එහි හිටපු නියෝජිතයන්ට දේශපාලන පත්වීම් ලබා දීම නීති විරෝධී බැවින් ඊට එරෙහිව විපක්ෂය ඉදිරි දින කිහිපය ඇතුළත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කොට ඇති බවද පැවසේ.