කොළඹ 07 බාන්ස් පෙදෛසේ රුපියල් කෝටි ගණනක් වටිනා දෙමහල් නිවෙසක් සහිත ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කෝලහල කළ දෙපිරිසක 26 දෙනකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.Sri Lanka Latest News
අත්අඩංගුවට ගත් පිරිස අතර දෙමටගොඩ, කිරුළපොන සහ සෙවනගල ආදි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28 – 56 අතර වයසේ පසුවන්නන් බව ද පොලිසිය සඳහන් කරයි.
බාන්ස් පෙදෙසේ වෙඩි තැබීමක් සිදු වූ බවට කුරුඳුවත්ත පොලිසිය ලද තොරතුරක් අනුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර පොලිසිය එම ගැටුම පාලනය කිරීමට පියවර ගෙන ඇත.
එම ගැටුමට හේතුව දෙමල් නිවසක් සහිත අක්කර භාගයක පමණ ඉඩමක් බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වීමත් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල ඉඩමට දෙපිරිසකට කිසිම හිමිකාරිත්වයක් නොමැති මෙම දෙපිරිස එය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ගත් උත්සාහයෙදී මෙම ගැටුම ඇතිව තිබේ.
හිමිකාරිත්වය පෙන්වා එය අත්පත්කර ගන්නැයි පොලිසිය දෙපිරිසටම දැනුම් දී ඇත.









