මන්ත්‍රීවරයකු විසින් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයක් මුල් කරගෙන අධිකරණය හමුවේ නඩු පවරා ඇති පුද්ගලයන් වහාම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැදවන ලෙසත්, ඒ සදහා කතානායකවරයා හට බලතල ඇති බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.Sri Lanka Latest News
කිරිඇල්ල මහතා මෙම ප්‍රකාශය කළේ පාර්ලිමේන්තුව හමුවේ සිදුකරන ලද ප්‍රකාශයන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවට කතානායකවරයා අද දින සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුවය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමු කළ වරප්‍රසාද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මෙම ප්‍රකාශය සිදු කොට තිබිණ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් අභියෝගයට ලක්කරමින් මේ වනවිට අධිකරණය හමුවේ නඩුවක් ගොනු වී ඇත.










