තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පවත්වන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විගණකාධිපතිවරයාට උපදෙස් දුන්නේය.Sri Lanka Latest News
එසේම ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මාස දෙකක් ඇතුළත ලබා දෙන ලෙසටද දැනුම් දුන් බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
තිරිඟු පිටි මිල නියාමනයට මිල සූත්‍රයක් අවශ්‍ය බව රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙහිදී ප්‍රකාශ කළේය.
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ තවත් භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
මෙරට වෙළෙඳ සල්වල විවිධ මිල ගණන් යටතේ තිරිගු පිටි අලෙවි කෙරෙන බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
තිරිගු පිටි කිලෝවක් රුපියල් 190ට ක මුදලකට අලෙවි කළ හැකි බව කමිටුව නිලධාරීන්ට දැනුම් දුන්නේය.
තිරිඟු පිටි මිල සැකසීමේදී මිල ගණනය කිරීම් දෙකක් ක්‍රියාත්මක වන බවත් මෙම තත්ත්වය වෙනස් කළ යුතු බවත් සභාපතිවරයා කීවේය.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාලිමේන්තුවේදී පසුගියදා රැස්විය. මෙම නියෝග ලබාදී ඇත්තේ එම රැස්වීමේදීය.










