ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අද (23) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
අමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර ඊට කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවක් ඇති කර ගැනීම නියෝජිත කණ්ඩායමේ අපේක්ෂාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කොට තිබේ.
කෙසේවෙතත් මීට පෙර මූළ්‍ය අරමුදල චීන ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ලංකාවට කොන්දේසියක් ඉදිරිපත් කොට තිබූ අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කිරීමට හෝ ලංකා රජය පියවර ගෙන තිබුණේ නැත.









