මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වා ජනතාවට තීන්දුවක් ගැනීමට නිදහස් අවස්ථාවක් ලබා දෙන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සදහන් කළාය.
ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ ඇය මෙම අදහස් පළ කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට තරම් අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් චීනය විසින් සිදු කර නැති බවද එහිදී සදහන් කර සිටියාය.