වැව්වලින් පස් කපා නැගෙනහිර පළාතේ සිදු කෙරෙන කලපු ගොඩ කිරීම් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා වාර්තාවක් කැඳවා තිබේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබා දී ඇති බවය.
නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කලපු ගොඩකිරීම්, ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ මැදිහත්වීම මත සිදු කෙරෙන බවට තමන්ට වාර්තා වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.










