• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

June 9, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට දැනුම් දීමට කටයුතු කොට ඇත.Sri Lanka Latest News

ඒ අනුව ඊයේ දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලිඛිතව දැනුම් දී ඇත්තේ වහාම ක්‍රිකට් නිලවරණය පවත්වා අවසන් කළ යුතු බව දැනුම් දී ඇතැයි ආරංචිය.

කෙසේවෙතත් මෙම ලිපියෙහි අඩංගු තොරතුරු සම්බන්ධයෙන් නිල තොරතුරක් මෙතෙක් වාර්තා වී නැත.

නමුත් අපට ඇති ආරංචිමාර්ගවලින් නම් කියවෙන්නේ ලංකාවේ ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම ප්‍රශ්න කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය ලිපිය යොමු කොට ඇති බවත්, අතුරු කමිටුවක් පත්කිරීම පිළිගත නොහැකි තත්ත්වයක් බව පවසමින් මෙම ලිපිය යොමු කොට ඇති බවත්ය.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට පිළිතුරු සැපයීම සදහා ක්‍රිකට් අතුරු කමිටුව විශේෂ නියෝජිතයකු වෙත පවරා ඇති බවක් දැනගන්නට ඇත.

පසුගිය කාලවකවානුවේ ශ්‍රී ලංකාව පමණක් නොව බංග්ලාදේශයද ක්‍රිකට් අතුරු පාලන කමිටු පත්කළ අතර එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය බංග්ලාදේශයට දැනුම් දී තිබුණේ මාස 3ක් ඇතුළත නිලවරණයක් පවත්වා ස්ථිර ක්‍රිකට් කමිටුවක් පත්කරගත යුතු බවකි.

ඒ අනුව බංග්ලාදේශය මේ වනවිට ක්‍රිකට් නිලවරණය පවත්වා නිල කමිටුවක් පත්කරගැනීමට කටයුතු කළද ශ්‍රී ලංකාව තවමත් ක්‍රිකට් නිලවරණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති ආකාරයක් දැකගන්නට නැත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙවැනි ආකාරයේ ප්‍රතිචාරයක් දැක්වීමට සූදානමින් සිටින බව පළමුවරට රටට අනාවරණය කර සිටියේ මව්රට පුවත්පතේ රාජ්‍ය රහස් තීරයය.

රාජ්‍ය රහස් තීරය පසුගිය මැයි 2 වැනිදා පළමුව රටට වාර්තා කළේ මෙසේය.

ශම්මි ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අතුරු පාලක මණ්ඩලයේ සභාපති ධුරය භාරගත් ඉරාන් කොපමණ කාලයක් එම ධුරයේ කටයුතු කරනු ඇද්ද? මුලින් ඉරාන් සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී තමන්ට වසරක කාලයක් අවශ්‍ය බව ඉරාන්ගේ පැත්තෙන් යෝජනා වී තිබූ බවක් ආරංචිය. ඒ අනුව ඉරාන්ට ලබාදෙන කාලය තීරණය කරන්නේ කවුද? ජනාධිපතිවරයාද? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද?

අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ඉරාන්ට ලබාදෙන කාලය තීන්දු කරන්නේ වෙන කවුරුවත් නොව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යැයි කියාය. මෙහිදී ජනාධිපතිවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත්කිරීමේ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමත් සමග ඔවුන් දැනුම් දී ඇත්තේ එසේ නම් මාස 3ක කාලයක් සඳහා පමණක් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට අවසර ලබාදිය හැකි බවත්, මාස 3ක් ඇතුළත ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත්ය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉරාන් වසරක කාලයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපදෙස්වලට අනුව ජනාධිපතිවරයාගෙන් ඊට ලැබී ඇත්තේ මාස 3ක කාලයක් පමණක් යැයි කියාය. එම මාස තුනේ ප්‍රගතිය බලා තවත් මාස 3ක් ලබාදිය හැකි බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට ඇති බව ආරංචිය. ඒ අනුව ස්ථිරවම ජනාධිපතිවරයා විසින් ඉරාන්ට ලබාදී ඇත්තේ මාස 3ක කාලසීමාවක් පමණි.

එසේ නම් එම මාස තුනෙන් පසු නිලවරණයක් නොපැවැත්වුවහොත් ලංකාවේ ක්‍රිකට්වලට කුමක් සිදුවේද? නැවත වාතවක් ලංකාවේ ක්‍රිකට් 2023දී සිදුවූවාක් මෙන් තහනම් වනු ඇතිද? ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු නැතත්, ක්‍රිකට් අතුරු කමිටුව පත්කිරීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරමින් විශේෂ නියෝජිතයන් දෙදෙනකු ඉදිරි දින කීපය ඇතුළත ලංකාවට පැමිණීමට නියමිතය. ක්‍රිකට් අතුරු කමිටුවට පත්කරන සියලු පත්කිරීම් දෙස බලා එහි කාලසීමාව එම නියෝජිතයන් විසින් තීරණය කරනු ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව මාස තුනක් ඇතුළත ක්‍රිකට් ආයතනය සුද්ද කොට එය ගොඩදැමීමට ඉරාන්ට හැකිවනු ඇද්ද යන කාරණාව මත ඉරාන්ගේ ඉදිරි කාලය තීන්දු වනු ඇත.
කෙසේ වෙතත් ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරය භාරගැනීම සමග ඉරාන් තමන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වයන් සහ කළමනාකරණ කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට වූ ලිපිය මද්දුමබණ්ඩාර වෙත එවීමට පියවර ගෙන තිබිණි. නමුත් එහිදීද ඉරාන්, මද්දුමබණ්ඩාරට දැනුම්දී තිබුණේ තමන් තවදුරටත් සජබ සාමාජිකයකු ලෙස කටයුතු කරන බවකි.

SendShareShare
Previous Post

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.