ඉන්දියාවේ නිල ආරාධනාවකට අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ තෙදින සංචාරය මුල්කරගෙන මේ වනවිට දේශපාලනයේ මහත් ආන්දෝලනයක් මතුව තිබේ. Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් අප ඊයේ දිනද විශේෂ සටහනක් තබමින් එජාප නායකයන් කුලප්පු වී ඇති ආකාරයත්, විවිධ ආකාරයෙන් ඊට ප්‍රහාර එල්ල කරන ආකාරයත් පිළිබද අනාවරණ කළෙමු.
එහිදී සජබ භාණ්ඩාගාරික මෙන්ම සජබ කෝට්ටේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් මේ පිළිබද හිරු නාළිකාවේ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තමන් එම සංචාරය පිළිබද කිසිවක් නොදන්නා බවක් ප්‍රකාශ කර තිබූ බවද අපි වාර්තා කළෙමු.
තවමත් විපක්ෂනායකවරයා එම සංචාරය පිළිබදව මෙතෙක් පක්ෂය දැනුවත් කොට නොමැති බව කී ඒ මහතා ඒ හේතුවෙන් තමන්ට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිය නොහැකි බවද හර්ෂ ද සිල්වා මහතා කී බවද අපි පෙන්වා දුන්නෙමු.
සජබ කෝට්ටේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ ආකාරයට විපක්ෂනායකවරයාගේ ඉන්දීය සංචාරය පිළිබද ප්‍රතිචාර දැක්වූවද ඊයේ දින විපක්ෂනායකවරයාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් පොහොට්ටුවේ කෝට්ටේ ආසන සංවිධායකවරයා වන මිලින්ද රාජපක්ෂ මහතා විශේෂ වැඩසටහනක් කොට තිබිණ.
එහිදී දේශපාලන පක්ෂ භේදයෙන් සහ කුහකකමින් තොරව මිලින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ විපක්ෂනායකවරයා තමන් හමුවූ සෑම ඉන්දීය නායකයකුගෙන්ම ලංකාවට උපකාර කරන ලෙස ඉල්ලා ඇති බවකි. මෙය සාමාන්‍යයෙන් විපක්ෂනායකවරයකු නොකරන කටයුත්තක් බවත්, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී වරක් සුනිල් හදුන්නෙත්ති පවා ලංකාවට ඩොලර් නොඑවන ලෙස විදෙස්ගත ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම සදහන් කර සිටියේය.
පොහොට්ටුවේ කෝට්ටේ ආසන සංවිධායක මිලින්ද රාජපක්ෂ මෙම ප්‍රකාශය කර තිබුණේ අවම වශයෙන් විපක්ෂනායකවරයා ඔහුට සිය ඉන්දීය සංචාරය පිළිබද පූර්ව හෝ පසු දැනුම්දීමකින් නොව ඒ පිළිබද සිය අවංක අදහස ප්‍රකාශ කරමිනි.
නමුත් සජබ භාණ්ඩාගාරික සහ කෝට්ටේ සජබ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට වීම විශේෂ සිදුවීමකි.










