• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිල මොන තරම් අමන මරිමෝඩයෙක්ද? රක්ෂණ සංස්ථා සභාපති එළිපිටම පහර දෙයි!

June 17, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ගම්මන්පිල මොන තරම් අමන මරිමෝඩයෙක්ද? රක්ෂණ සංස්ථා සභාපති එළිපිටම පහර දෙයි!
Share on WhatsAppShare on Facebook

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වන ජගත් වැල්ලවත්ත මහතා කටයුතු කොට ඇත.

සිය ෆේස්බුක් පිටුවේ ‘බොලේ ගම්ම්න්පිලේ’ යනුවෙන් සිරස්තලයක් යොදමින් වැල්ලවත්ත මහතා මෙම සටහන තබා තිබේ.

එම සටහන මෙසේය.

බොලේ ගම්මංපිලේ…

තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පක්ෂයේ මතය ජනමාධ්‍යයට නිකුත් කලේ ඉකුත් සෙනසුරාදාය. එම ලිපිය නිකුත් කරන විටත් එකී තීන්දුව ගනු ලැබුවේ කවර කමිටුවක් විසින්ද ? එම යෝජනාව ගෙන ආවේ කවුරුන්ද? එහි අපේක්ෂාව කුමක්ද යනාදී සියල්ල සාගර කාරියවසම් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොදැන සිටියා නොවේ. සියල්ල හොඳින්ම දැන සිටියේය. අනෙකුත් පාර්ශව “මේ ගැහුවේ මට නොවේ .ජනාධිපතිතුමාටය, අගමැතිතුමාටය “ කියන බවද නොදැන සිටියාද නොවේ .

සාගරගේ ලිපියේ හරය කුමකිද?.

මෙවර අතිගරු ජනාධිපතිවරයා විසින් සෑම ඇමතිවරයෙකුටම අමාත්‍යාංශ බාර දෙනවිට ඔහු විසින් ඉටුකළ යුතු සෞභාග්‍යයේ දැක්මේ ඇතුලත් කාර්යභාරයද ලිඛිතව දැනුම් දුන්නේය. එකී ලිපියෙන් ප්‍රශ්න කෙරෙන්නේ ඛණිජ තෙල් ඇමතිවරයා මේ වන විට ඉන් ඉටුකර ඇති කොටස කුමක්ද? යන්නයි.

අවසන් අදියරේ පැවතිය යුතු කාර්යයන් ගෙන් සමහරක් තාමත් පවතින්නේ ආරම්භක අවධියේය . නැතිනම් ආරමිභ කිරීමට සිතාවත් නැත. අනෙක් අමාක්‍යාංශ ද මීට වඩා වෙනස් වන්නේ ඊට වඩා මදක් අඩුවෙන් වුවද මෙම අමාත්‍යාංශයට පැවරී ඇති කාර්යභාරය පොදුජනයාට මෙන්ම රටේ ආර්ථිකයේ සියලු අංශ වෙත ඉතා තදින් දැනෙන එකකි.

පොදු ජනතාව කොරෝනා නිසා මරබියෙන් පසුවන, ආර්ථිකමය වශයෙන් කබලෙන් ලිපට වැටී සිටින මොහොතක පොදුජනතාව පත්වන අපහසුතාව ගැන ජාතික සමගියට මුල්තැන දෙන ප්‍රතිපත්තියේ සිටින එක්සත් ජාතික පක්ෂයටවත් එහි අංකූරය වන සමගි ජන බලවේගයටවත් කැක්කුමක් නැතිවිය හැකිය. නිදහස ගැන සිතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් ජාතික නිදහස ගැන සිතන ජාතික නිදහස් පෙරමුණටවත් හෙළයේ පිවිතුර නිදහස ගැන සිතන පිවිතුරු හෙළ උරුමයටවත් කැක්කුමක් නැතිවිය හැකිය.

එහෙත් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පොදුජනතාව කේන්ද්‍රීය කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එසේ බලා ඉන්නට නොහැක. ආණ්ඩුව කාගේ වුනත් එහි නායකකාරකාදීන් කවුරුන් වුනත් පක්ෂය පෙනී සිටින්නේ පොදුජනතාව වෙනුවෙනි. තෙල් මිල ප්‍රශ්නයේදී පමණක් නොව ඉදිරියටත් එය එසේමය.

සාගර කාරියවසම් පක්ෂය වෙනුවෙන් අසන ප්‍රශ්නයට පිළිතුරු නොදී ගම්මංපිල කරන්නේ බැසිල් රාජපක්ෂ දෙසට ඇගිල්ල දිගුකරගෙන ගෝඨාභය රාජපක්ෂගේ සහ මහින්ද රාජපක්ෂගේ දෙපරන්ද අස්සේ හැංගෙන්න හදන එකය.

“මේ හාදයා කොතරම් අමන මරි මෝඩයෙක්දැයි “ රාජපක්ෂවරු ගැන දන්නා පොඩි ළමයෙක් වුවද නොසිතන්නේ නම් පුදුමයකි. ඉහත රාජපක්ෂ ත්‍රිත්වය තුළ ඇති සහෝදර බැඳීම නොදන්නා කෙනක් සිටිත් නම් 1971 මහින්ද රාජපක්ෂ මුහුණ දුන් පළමු මැතිවරණයේ සිට 2020 දී මහින්ද රාජපක්ෂ තෙවැනි වරටත් අගමැතිවරයා බවට පත්වන මැතිවරණ ඉතිහාසය දෙස සියුම්ව බැලිය යුතුය.

“රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමට නම් ඔවුන් භේදබින්න කලයුතුය “ යැයි සිතූ පලමු මිනිසා විමල්වත් උදයවත් නොවේ . එසේ සිතූ බොහෝ දෙනා එවැන්නක් සිතූ සැනින්ම දේශපාලනයෙන් අතුගෑවී ගියේය.

විමල් – උදය එකතුව රාජක්ෂවරු දේශපාලනයෙන් අතුගාදමා තමන් රජවිය යුතුයැයි සිතන්නට පටන් ගත්තේ මෛත්‍රී ජනාධිපති වූ දා සිටමය. ඔවුන් මහින්දට යෝජනා කලේ ගෞරවනීයව විශ්‍රාම ගන්නා ලෙසය. එවිට මෛත්‍රී අති විශේෂ ගරු දේශපාලන තනතුරක් නිර්මාණය කරදීමට පොරොන්දු වන බවද කීවේය.

මහින්ද සුළඟ හැදුවේ ද මෛත්‍රීගේ ඉල්ලීමටය . ඒ දේශපාලනයෙන් විශ්‍රාම ගත් මහින්ද වේදිකාවේ තබාගෙන ඒ ජනප්‍රියතාවෙන් තමන්ට රජ වෙන්නටය. එහෙත් නොසිතූ ලෙස අවශ්‍යම මොහොතේ රාජපක්ෂ ත්‍රිත්වය ක්‍රියාත්මක විය. ඔවුන් තැනූ වේදිකාවේ රාජපක්ෂවරු පිලුං ගහන්නට පටන් ගත්තේය. ඊට නායකත්වය දුනේනේ බැසිල්ය. බැසිල් රාජපක්ෂ ඒ ගමන නතර කලේ මහින්ද අයියාට අහිමි කරන්නට ගිය කීර්තියේ ඔටුන්න නැවතත් ඔහු අතට දෙන අතරම සිය අනෙක් සොයුරු රාජපක්ෂ පවුලේ දෙවැනි ජනාධිපතිවරයා ද කරමිනි.

සාගරගේ ලියුම උස්සාගෙන එහෙව් සහෝදරයින් දෙදෙනෙකු ළඟට ගොස් “බැසිල් මේ ගහන්නෙ මට නෙවෙයි. ඔය ගොල්ලන්ට”යැයි උදය කියන තරමට අඥාන වූ විට සාගර කාරියවසම්ගේ කට කොනට නැගෙන සිනහව මට මැවී පෙනේ. උදය ඔහොම නෙවෙයි ඔළුව බිම තියාගෙන ඉල්ලා අස්වෙයන් යැයි කීවත් එසේ නොකරන බව සාගර නොදනීද?

අතිගරු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තීරණය කලහොත් උදයගේ ඇමතිකම බිමය. එවිට බැසිල් ගාවට දිවගොස් “මහින්දයි ගෝඨයි මාව එලවනෝ” කියන්නත් මේ නොදරුවාට බැරිකමක් නැත.

ආදියේ පටන් දෙබර කඩන්නට ඇති හොඳම ක්‍රමය දෙබරෙට ගලක් ගහන එකය. එවිට කෝපයෙන් ඉහවහා යන දෙබරුන් වදෙන් එළියට පැන ගල ගැසුවේ කවුදැයි නොදන්නා හෙයින් වටේ පිටේ සිටින හැම එකාටම ගැනගෙන ඇනගෙන යති. ඒ බව දන්නා පළපුරුදු දෙබර කඩන්නෝ වදයට යටින් ගිනි ගොඩක් ගසති.

සාගර ගිනිගොඩක් වෙනුවට බට කැලේටම ගිනිතබා තිබේ . ඒ සමහර කපටි දෙබරුන් ගිනිගොඩ දැක ඉන් ඈතට යා හැකි බැවිනි .

එවැනි 8 දෙනෙක් දැනටමත් එළියට බැස තිබේ . ඊටත් වඩා රජ කපටින් ගිනි නිවී යන තුරු සිට නැවත වදය බදින අරමුණින් තවමත් වදය තුළම සැඟවී සිටිය හැකිය.

එහෙත් මෙවර නම් මේ දෙබර කඩන්නා වදය විනාශ වී යන තෙක්ම ගල් ගසනු ඇත.

SendShareShare
Previous Post

පාකිස්තාන විවාහයේ බලහත්කාරකම!

Next Post

බැසිල් හිටියා නම් වැඩි නොවන කතා බොරු: තෙල් මිල වැඩි කළේ ‌සහෝදරයන් දෙන්නාම ඉන්න කමිටුවකින්! පොහොට්ටු මන්ත්‍රීගෙන් ප්‍රකාශයක් (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.