සංචාරක ක්ෂේත්‍රය සදහා ලබා දුන් සහනය ලබන 30 වැනිදා අවසන් වීමට නියමිත අතර එදිනට නැවත වතාවක් එම සහනය දීර්ඝ නොකළහොත් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතින බව එහි සේවා සපයන්නෝ සදහන් කර සිටිති.
හෝටල් සංගමයේ සභාපති එම්.ශාන්තිකුමාර් පැවසුවේ, ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් දැනට පනවා ඇති තහනම දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා ජුනි 7 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට රජය දැනටමත් අනුමැතිය ලබා දී ඇති බව ය.
නමුත් මෙතෙක් කැබිනට් මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට මෙතෙක් කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ හෝටල්වල ණය වාරික ගෙවීමේ සහන කාලය තවත් මාස හයකින් දීර්ඝ නොකළහොත් සම්පූර්ණයෙන් හෝටල් වසා දැමීමට සිදුවනු ඇතැයි හෝටල් සංගමයේ හිටපු සභාපති අනුර ලොකුහෙට්ටි පැවසීය.










