• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Sunday, March 26, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

තනිපංගලමේ අවසන් ගමන් ගිය සොඳුරු ගී පද රචකයා…

December 13, 2022
in Exclusive, Heart
Reading Time: 4 mins read
A A
තනිපංගලමේ අවසන් ගමන් ගිය සොඳුරු ගී පද රචකයා…
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දීය සාගරයේ මුතු ඇටය යන රන්වන් නාමය පටබැඳුණත් කලාකරුවකු ලෙස ලාංකාවේ ඉපදීම හා අභාග්‍යයකැයි ප්‍රවීණ කලාකරුවකු මීට කලකට ඉහත ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙන මොහොතක කියා තිබිණි. ඒ කතාවේ යම් අරුතක් නැතැයි කිසිවකුට කියන්නට බැරිය. හේතුව යම් මාධ්‍ය හමුවකට එන බොහොමයක් වූ ප්‍රවීණ කලාකරුවන් තම කතිකාවට තිත තබා යන්නේ ලංකාව පාලනය කළ හැම රජයක්ම වාගේ කලාකරුවාගේ වටිනාකම හමස් පෙට්ටියට දැමූ ශෝකාන්තය ගැන දුක හිතෙන කතාවක් කියවමින්ය.

කලාකරුවන් වෙනුවෙන් යමක් කළා නම් ඒ කළේ රණසිංහ ප්‍රේමදාස පමණය. ඔහු මේ රටේ මිනිස් සිත් පිනවාලූ කලාකාමී පිරිසට කලාපුරයක් තනා ඉන්නට හිටින්නට තැනක් දුන්නේය. ටවර් හෝල් රඟහල පදනම යටතේ ඔවුන්ට විශ්‍රාම වැටුපක් සකසා දෙන්නටද කටයුතු කළේය. හැබැයි පසු කලෙක ඔහුගේ අකල් වියෝවත් සමග එම විශ්‍රාම වැටුප් කතන්දරය කාටත් අමතකව ගියා මතකය.

මෙතැනදී ඒ ඒ රජයන් පමණක්ම නොව අපේ රටේ ප්‍රේක්ෂකයන් කියන පිරිසටද සුවිශේෂ හැකියාවන්ගෙන් අනූන වූ වටිනා කියන කලාකරුවන්ව බොහෝ විට බොහෝ තැන්වලදී නොසිතූ ලෙස අතහැරී ගියේය. මෙහි වඩාත්ම දුක්බර කතන්දරය වන්නේ කලාකරුවන් කියන පිරිස තුළ සිටින කලාකරුවන්ටද නොසිතූ ලෙස තම සහෝදර කලාකරුවන්ව සිත කම්පාවී යන තරමට අමතක වී යෑමය.

පසුගිය දවසක කලාසූරී ලතා වල්පොලගේ 88 වැනි උපන්දිනය සමරන්නට පැමිණ සිටියේ කලාකාමී හිතවතුන් අතලොස්සක පිරිසකි. ඒ, ප්‍රවීන කලා ශිල්පිනියකගේ උපන් දිනයක් ගැන කනගාටුදායක සිදුවීමකි. මේ කියන්නට යන්නේ අදටත් මේ දැන් අහගෙන හිටියත් ‘කනට’ මී බිඳු වත්කරන්නා සේ සුවයක් දනවන අලංකාර ගී පද හරි කදිමට අමුණාලූ ප්‍රවීණ ගේය පද රචකයකුගේ මරණ ගෙදර ගැන ශෝකජනක පණිවුඩයකි. ඔහු හේම ශ්‍රී ද අල්විස්ය. ඛේදනීය මරණයකට හසුව වියෝ වූ ප්‍රවීණ සොඳුරු ගේය පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් තරමටම ඒ හා සමානවම සුන්දර සින්දු පෙළගැස්වූ හේම ශ්‍රී ද අල්විස් නම් මේ ප්‍රවීණ කලාකාරයා ලියා තැබූ ගේ පද අති මිහිරිය. ඔහුගේ මරණ ගෙදර අමතක වූ තරමට ඒ ලස්සන ගේ පදවැල් අසා සිත පිනවාගත් සියල්ලන්ට ඒ වචන අමුණා තැබුවේ හේම ශ්‍රී ද අල්විස් කියන එකද අමතක නම් මතකය පිණිස මෙසේ ඒ ගැන පදයක් දෙකක් ලියන්නට පුළුවන.

‘මැණිකේ ඔබේ සිනාවේ, අදටත් ඇහෙනකොට සෙනග පිරුණුබස් රථයක වුණත් හිතට දැනෙන සුවය කොයිතරම්ද?

‘සුදු සඳරැස් ගලන ගංකගාවේ පිහිනා…’ ගීතය අහගෙන ඉන්නකොට සිතකට දැනෙන ගැම්ම මොන තරම්ද?

‘දුනුකෙයියා මලක් වගේ’ ගීතයෙහි අම්මා ගැන කියන ඒ සංවේදී වදන් වැල් ඔහුගේ සිතට කොහොම ආවාද?

ටිකක් හිතා බලන්න. චැනල්වල ලොකු තරගයකට වාගේ ප්‍රචාරය වන රියැලිටි ආධුනික සංගීත වැඩසටහන්වල සුපිරි තරු සහ සිහින තරු කී දෙනකු නම් ඔය සින්දු ගායනා කර තමාගේ එස්.එම්.එස්. ප්‍රමාණය වැඩි කරගන්නට ඇද්ද? අලුතෙන් පැමිණි ගායක ගායිකාවන් ඔය සියලු ගීත පාහේ අලුත් තාලෙට ගයා කීයක් නම් හම්බ කරගන්නට ඇද්ද? කවුරුත් ආවේ නැති හේම ශ්‍රී ද අල්විස් නම් ප්‍රවීණ ගේය පද රචකයාගේ මරණ ගෙදර ගැන ශෝක පණිවුඩය ඇසූ ඇතැමුන් මුහුණු පොතේ සටහන් කොට තිබුණේ ඔහුගේ ගීත උපුටාගෙන ගායනා කොට ප්‍රසිද්ධ වූ අය ඔහුට රුපියල් 10 ගානේවත් එයට ගෙව්වා නම් අඩුම ගානේ සැපවත් ජීවිතයක් ගෙවන්නට තිබුණා කියාය. නවකයකු විසින් ඔහුගේ ගීතයක් කියන විට මාධ්‍යයකින්වත් ඒ වෙනුවෙන් හේම ශ්‍රී ද අල්විස් කලාකරුවාණන්ට උපහාරයක් හෝ අගයක් ලැබුණේ නැත.

ධනපාල උඩවත්ත ඇරෙන්නට වෙනත් කිසිම කලා ශිල්පියකු ආවේ නැති හේම ශ්‍රී ද අල්විස්ගේ මරණ ගෙදර ගැන පණිවුඩය මාධ්‍යවල පළවන විට එයට අදාළව ‘ඇත්ත නැත්ත’ කියා පෝස්ටුවක් හදාපු අයකු සටහන් කොට තිබුණේ විශාරද ගායන ශිල්පීන් විසින් හේම ශ්‍රීට සහ ඔහුගේ බිරියට දනට පිටනට දුන් මුදල් හදල් ගැනය. අර අය මෙහෙම දුන්නා, මෙ අය මෙහෙම දුන්නා, ඒ සියල්ල කළේ රහසේ යැයි කියා ඒවා ඉතා ප්‍රසිද්ධ මාධ්‍යයක් වූ මුහුණු පොතේ පළකිරීම ගැන සමාව අයැද තිබිණි.

ඒ පෝස්ටුව තැනූ අයට අමතකව ගිය කාරණයක් තිබිණි. එම කාරණයෙහි ගැබ් වූයේ ඉතා අලංකාර ගේ පද දහස් ගණන් ලියාපු මෙතරම් ප්‍රවීණ මිනිසාගේ මරණ ගෙදරට ධනපාල උඩවත්ත ඇරෙන්නට වෙනත් කිසිවකු ගොඩවූයේ නැති ශෝකාන්තයය.

හේම ශ්‍රී වෙනුවෙන් කිසිවකු මුදල් පරිත්‍යාගයක්වත් කළේ නැතැයි කියා ඔහු වෙනුවෙන් ලියා දැක්වූ ශෝක පණිවුඩයෙහි කොතැනකවත් සටහන්ව තිබුණේ නැත. ඔහු මුහුණු පොත හරහා දුන්න මුදල් තෑගි පණිවුඩයෙහි අන්තර්ගතය වූයේ ඉන්න කාලේ මේ විදියට කොච්චර නම් දුන්නාද, ඉතින් මරණ ගෙදර නාවාට මක්වෙනවාදැයි යන්නද කියා එය දකින කෙනකුට වැටහෙන්නට බැරි නැත. හේම ශ්‍රී ගේ පද රචකයාගේ මරණ ගෙදරට ධනපාල උඩවත්ත හැරෙන්නට වෙනත් කිසිදු ගායන ශිල්පියකු පැමිණ සිටියේ නැති වග දුකට කාරණයකි යන පොස්ටුවට පිළිතුරු සහ එය සාධාරණීකරණය කිරීමක් ලෙසින් ඉහත පැවසූ අය ප්‍රවීණ මට්ටමේ පසුවන විශාරද ගායන ශිල්පීන් ඔහුට දුන් මුදල් තෑගි එලෙස ගණන් මිමි වශයෙන්ම සටහන් කොට තිබුණේ කුමන් පදනමක් මතද යන්න නොතේරේ.

හිතැතිවන්තකමට ප්‍රවීණයන් මුදලින් කළ උපකාර අගය කළ යුතුය. නමුත් මේ තරම් සොඳුරු මෙහෙවරක් තම හැකියාව තුළින් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ මිනිසකුගේ මරණ ගෙදරට එක පැයකට හෝ පැමිණ යෑමට තම කාලයෙන් කොටසක් වෙන් කිරීමට ඔවුන් මැලි වීම ගැන සමාවක් දිය හැකිද? එහෙම නොපැමිණීම මහා අපරාධයක් නොවුවද කලා ශිල්පියකුට තවත් කලා ශිල්පියකුගේ මරණය අමතකව යෑම, එහෙමත් නැත්නම් එය පැහැර හැරීම දුකට කාරණයකි. ගම් පළාත්වල අය කට වචනයට කියන්නේ මඟුලකට යන්න ආරාධනා කරන තුරු සිටියද හිතවතකුගේ මළ ගෙයක් නම් පාර හොයාගෙන යා යුතුය කියාය. ඒ කියමනට අනුව බලන විට හේම ශ්‍රී ද අල්විස්ගේ මළ ගෙදරට ධනපාල උඩවත්ත පමණක් පැමිණ සිටීම ‘අනේ අපොයි’ කියා හූල්ලන්නට තරම් කාරණයකි.

අඩුම තරමේ ඔහු ලියා දුන් වචන අමුණා තම සින්දු ජනප්‍රිය තලයට ගෙන ආ ගායන ශිල්පීන් හෝ ශිල්පිනියන් එක්කෙනකුට දෙන්නකුටවත් මේ ගේ පද රචකයාගේ මරණ ගෙදරට ඇවිත් යන්න තිබුණා නොවේද? හේම ශ්‍රී ද අල්විස්ගේ පෝස්ටුවට අදාළව පළකරන ලද ‘ඇත්ත නැත්ත’ කියා හදන ලද පෝස්ට්ටුව යටින් යම් අයකු ‘මුදල් නොගෙන සින්දු ලියා දුන්නා කියලවත් කොතැනකවත් සඳහනක් නැතැයි’ කියා පළකොට තිබුණා මතකය. ටිකක් නැවතිල්ලේ හිතලා බලනකොට එහෙම සටහනක් තැබූ එහෙම සටහනක් තැබූ එක නරකක්ම නැති වුවද එහි එතරම් හොඳක්ද නැතැයි සිතේ. මෙහෙම ලියන්න හිතුණේ සින්දු ලියා සල්ලි ගත්ත එක එය ලස්සනට පද අමුණා ලියා දුන්න කලා ශිල්පියාගේ මරණ ගෙදර නෑවිත් ඉන්නට දුන්න එක්ස්කියුස් එකක් නොවන නිසාය. අනෙක සුවිශේෂවම හේම ශ්‍රී ද අල්විස් වෙනුවෙන් පළවූ පෝස්ටුව මුහුණු පොතේ හැදුණේ මේ තරම් අගනා ගේ පද ලියා තැබූ කලා ශිල්පියාගේ මරණ ගෙදරට ධනපාල උඩවත්තයන් හැරෙන්නට වෙනත් කිසිදු ගායකයකු හෝ කලා ශිල්පියකු පැමිණ තිබුණේ නැති නිසාය.
ශ්‍රී ලාංකේය කලාකරුවන්ට මෙහෙම වන්නේ ඇයි?

ඔවන් හදිසියේ ලෙඩ වූ කල සහෝදර කලා ශිල්පීණ්ට ඔවුන්ට අමතකව යයි.
වයසට ගිහින් අබලව දුබලව ගිය විටෙක එලෙසම කලා ශිල්පීන්ගේ මතකයෙන් ඔවුන් බැහැරව යයි. යම් රජයකින් තාඩන පීඩන එල්ල වන විටෙකද බොහෝ කලා ශිල්පීන්ට අදාළ කලාකරුවා වෙතින් ඈත්ව සිදුවන්නක් ඔහේ බලා සිටිති.

ඒ සියල්ල අතර හදිසියේ පුංචි ආරවුලකට දඟගෙට යන්නට වූ කලද කලාකරුවෝ ශෝචනීය ලෙස හුදකලා වෙති.

එසේ සිදුවන්නේ ඇයි?

මේ ව්‍යසනය ශ්‍රී ලාංකේය කලාකරුවන්ට පමණක් ආවේණික වූවක්ද? එහෙම නැත්නම් ලෝක දහම මෙයද?

කෙසේ වුවද, මැණිකේගේ සිනාවට ලියවැල් දී දහසක් සිත් සතන් නැලවූ ගේ පද රචකයා කඳුළක උණුසුම විශ්වය මත තවරා ශෝචනීය ලෙස අවසන් ගමන් යන්නට ගියේය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Share357Tweet223SendShare89
Previous Post

ජනපති-පක්ෂ නායක හමුව අවසන්! ඡන්දය ගැන වචනයක්වත් කතා කරලා නෑ! උතුරු නැගෙනහිර ප්‍රශ්නය විතරක් කතා කරලා! EXCLUSIVE

Next Post

හොඳම අධ්‍යාපන ඇමැති මමයි! අනේ මට ඒක දෙන්න! එස්.බී. කියන්නේ ඒ වගේ කතාවක් නේද? අහලා බලන්නකෝ! (VIDEO)

MORE NEWS

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

March 25, 2023
පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!
Exclusive

පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

March 25, 2023
අගමැති දිනේෂ් ව්‍යවස්ථාව හරියට දන්නෙ නැති කෙනෙක්ද? ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුවක්ද? (VIDEO)
Exclusive

ඡන්දයට සල්ලි ඉල්ලා විපක්ෂයම එකතු වෙයි! සජිත්-අනුර කුමාර-මද්දුමබණ්ඩාර-දයාසිරි-වලේබොඩ එකතු වී අගමැති දිනේෂ්ව කොටු කරයි! VIDEO

March 25, 2023
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

IMF එකෙන් දීපු සල්ලිවලින් ඉන්දියාවෙන් අරන් තිබ්බ ණය වාරිකයක් ගෙව්වා! ඒක ගෙවලා ආපහු ඉන්දියාවෙන් ‌ඩොලර් බිලියනයක ණයක් ඉල්ලලා! එන්න ආයෙත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කමු!

March 25, 2023
ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Exclusive

ඡන්දෙට සල්ලි නොදුන්නාට මුදල් ඇමැතිට එරෙහිව අධිකරණයට යන්න සූදානම්!

March 25, 2023
රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස්පතිට සේවා දිගුවේ ලියුම ලැබෙන්නේ හෙට! එතකොට හැමෝටම බලාගන්න පුලුවන් ඒ කාලය තව මාසයක්ද මාස 3ක්ද අවුරුද්දක්ද කියලා!

March 25, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

March 25, 2023

කොහොම වෙතත් ඡන්දයක් ළඟම එනවා කියන එක අපි දන්නවා. එහෙම කිව්වේ මේ වෙලාවේ ඡන්දයකට අවශ්‍ය පරිසරය රටේ නිර්මාණය වෙමින් තියෙන...

Read more
පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

March 25, 2023
අගමැති දිනේෂ් ව්‍යවස්ථාව හරියට දන්නෙ නැති කෙනෙක්ද? ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුවක්ද? (VIDEO)

ඡන්දයට සල්ලි ඉල්ලා විපක්ෂයම එකතු වෙයි! සජිත්-අනුර කුමාර-මද්දුමබණ්ඩාර-දයාසිරි-වලේබොඩ එකතු වී අගමැති දිනේෂ්ව කොටු කරයි! VIDEO

March 25, 2023
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

IMF එකෙන් දීපු සල්ලිවලින් ඉන්දියාවෙන් අරන් තිබ්බ ණය වාරිකයක් ගෙව්වා! ඒක ගෙවලා ආපහු ඉන්දියාවෙන් ‌ඩොලර් බිලියනයක ණයක් ඉල්ලලා! එන්න ආයෙත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කමු!

March 25, 2023
ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ඡන්දෙට සල්ලි නොදුන්නාට මුදල් ඇමැතිට එරෙහිව අධිකරණයට යන්න සූදානම්!

March 25, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version