පුත්තලම නාවක්කඩුව ප්‍රදේශයේ කෝටිපති එළවළු ව්‍යාපාරිකයෙකුගේ නිවෙසට ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් රුපියල් ලක්ෂ 150කට ආසන්න රත්රන් තොගයක් සහ මුදල් සොරාගෙන තිබේ. (Sri Lanka Latest News)
ඊයේ (02) අලුයම 2ට පමණ එම සිද්ධිය වාර්තාවී තිබුණි.
පොලීසිය පවසන්නේ, ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දරුවන් මරාදමන බවට තර්ජනය කරමින් සේප්පුව විවෘත කර එහි තිබූ රත්රන් සහ මුදල් සොරාගෙන ඇති බවය.
සැකකරුවන් සොයා නොරොච්චෝලේ සහ කල්පිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
adaderana