හරීන් ගැන මතක් කරනවටත් ‘මාමා’ විදිහට මම කැමැති නෑ! බදුල්ලෙන් පැනලා වත්තලට ගියා! දැන් එයාට වත්තලත් නෑ.. බදුල්ලත් නෑ! මේ පාර ඡන්දෙන් ආයෙ දේශපාලනය නොකරන්නම හොඳ පාඩමක් ඉගෙන ගන්නවා! එයා තෝරගත්තෙ අපිව විනාශ කරපු රනිල්ව! මනූෂත් එක්ක එකතු වෙලා රනිල් ගාවට ගිහින් සජබෙට කරන්න පුළුවන් ලොකුම හතුරුකම කළා! මේ 14 වැනිදා හොඳ කනේ පාරක් දීලා හරීන්ගේ දේශපාලනය අවසන් කරනවා! ‌හරීන්ගේ මාමා වින්සන්ට් ඩයස් බදුල්ලේදීම හරීන් බෑනාගේ රෙදි ගලවයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ඇමැති වින්සන්ට් ඩයස් මහතා සිය බෑනනුවන් වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ දේශපාලන ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළේය.Sri Lanka Latest News එහිදී ඒ මහතා කියා සිටියේ තම බෑනා වුවද හරීන් ප්‍රනාන්දු මහතා දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති බවය. නොවැම්බර් 14 වැනි දින හරීන් ඇතුලු පිරිසට කනේ පහරක් ගසා බදුල්ලෙන්ද එළවා දැමිය යුතු බව ඒ මහතා කියා සිටියේය.