රට තුළ සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය පවසයි.
ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතු බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.
මෙරට තුළ ආහාර හිඟයක් ඇති බවට ඇතැම් දේශීය හා විදේශීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් විපක්ෂයේ දේශපාලනඥයන්ද අසත්‍ය කරුණු ප්‍රචාරය කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්ය.
එම සියලු ප්‍රචාර අසත්‍ය බවත් රට තුළ ආහාර හිඟයක් ඇතිවේ යැයි අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසත් රජය ජනතාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.










