ආණ්ඩුවට එරෙහිව ලබන 16 වැනිදා කොළඹ පැවැත්වීමට නියමිතව ඇති සමගි ජන බලවේගයේ උද්ඝෝෂණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සදහා ආණ්ඩුව තවත් පියවරක් ගෙන ඇත.
ඒ අනුව අදාළ උද්ඝෝෂණය පැවැත්වීමට ලබා දී තිබූ හයිඩ් පිටිය ඒ සදහා ලබා නොදීමට තීන්දු කර ඇති බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා විසින් සමගි ජන බලවේගයට ලිඛිතව දැනුම් දී ඇත.
කොළඹ කොරෝනා ව්‍යාප්තිය මුල් කරගෙන මෙම තීරණය ගෙන ඇති බවද අදාළ ලිපියේ දැක්වේ.
කෙසේවෙතත් සමගි ජන බලවේගය ආණ්ඩුවේ බාධා නොතකා මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට තීරණය කොට ඇති බවද දැනගන්නට තිබේ.











