හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මාධ්‍ය සාකච්ඡාවලදී භාවිතා කරන සුප්‍රසිද්ධ නිල ඩිජිටල් පසුබිමෙන් ඉවත් කර ඇති බවත්, ඉකුත් සඳුදා (15) සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවලදී එම මුහුණ භාවිතා කර නොමැති බවත් දැනගන්නට තිබේ.
මීට පෙර, ඩිජිටල් පසුබිමෙහි හිටපු ජනාධිපති සහ අගමැති සහ වත්මන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ මුහුණු මාරුවෙන් මාරුවට දැකගත හැති විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සම්බන්ධ කර ගත් විට ඔහු පැවසුවේ තමන් මේ පිළිබදව නොදැනුවත් බවකි.
ජුලි මාසයේ පැවති දැවැන්ත මහජන විරෝධතා හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගිය අතර පසුව එම ධූරයෙන් ඉල්ලා අස්විය. ඔහු දැනට සිටින්නේ තායිලන්තයේය.