මහබැංකුව විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ යැයි කියමින් ඇතැම් භාණ්ඩ මත පනවා ඇති 100%ක මුදල් තැන්පතු රෙගුලාසි සංශෝධනය කරන ලෙස පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කළාය.
ඇය පෙන්වා දුන්නේ බහුතර නිවෙස්වල මේ වනවිට විදුලි පංකා, ශීතකරණ ආදිය අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත්ව ඇති බවකි.
එමනිසා මෙම භාණ්ඩ ලයිස්තුව සංශෝධනය කරන ලෙස තමන් මහබැංකුවෙන් ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.
හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ආහාර සහ ඇඳුම් සලාකනය කිරීම සහ සියලු ආනයන නැවැත්වූ කාලය ගැන මිනිසුන්ට සිහිපත් කරමින් කුමාරසිංහ මහත්මිය කියා සිටියේ රට ගමන් කරන වේගය අනුව එවැනි තත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවකි.









