• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි ටික දුන්නාට ගංගාරාමයට හරි සතුටුයි!

September 10, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
අලි ටික දුන්නාට ගංගාරාමයට හරි සතුටුයි!
Share on WhatsAppShare on Facebook

පෙරහැරේ යන අලි ගැන පන්සල් බලා ගන්නා බැවින් අලි මිනිස් ගැටුම්වලට මැදිව දුක්ඛදායී ලෙස මියයන වන අලි ඇතුන් ගැන බලාගන්නැයි හීලෑ අලි ඇතුන් කිහිප දෙනා පස්සේ දුවන රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටින බව කොළඹ හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවැසූහ.

දළ ලබා ගැනීමට, කෙඳි ලබාගැනීමට මරා දමන අලි ඇතුන් මෙන්ම අලිමිනිස් ගැටුමට මැදිව මියයන අලි ඇතුන් ද හක්ක පටස් වැනි උගුල්වලට අසුව දුක්ඛදායි ලෙස මියයන අලි ඇතුන් ද ගැන සොයා බලා අලි මිනිස් ගැටුම අවසන් කරන්නට යම් පියවරක් ගන්නැයි ද රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටින බව උන්වහන්සේ පැවැසූහ.

ආහාර සොයා ගම්වදින අලි ඇතුන් නිසා ජනතාවත් අලි ඇතුනුත් මියයන අවස්ථා ඇතැයි ද ඒ නිසා ඔවුන් වෙනුවෙන් වනාන්තර තුළ ආහාර සුලබ කිරීම සඳහා යම් පියවරක් ගන්නැයි ද උන්වහන්සේ රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටියහ.

විශේෂයෙන් අලි ඇතුන් ආහාරයට ගන්නා ඉරිගු වැනි ශාඛවල බීජ උක්දඬු කැබලි වැනි දෑ වැසි සමයන්හි දී වනාන්තර වලට ගුවනින් ගෙන ගොස් දමන්නැයි ද වනාන්තරවල ඇති වැව් අමුණු සකසන්නැයි ද එයින් අලි ඇතුන්ට ආහාර හා ජලය සුලබ වන නිසා ගම්වැදීමෙන් වළකිනු ඇතැයි ද අස්සජි හිමියෝ කීහ.

පසුගිය සමයේ හිමිකරුවන් විසින් ආදරයෙන් හා කරුණාවෙන් බලාගත් හීලෑ අලි ඇතුන් රජය භාරයට ගැනීම ගැන මහා සංඝරත්නයට හිත් රිදීමක් හා කතිකාවක් තිබුණේ යැයි ද අලි පැටවුන් පහලොස් දෙනා නිදහස් කර පෙර භාරකරුවන්ට භාර දීම පිළිබඳව රජයට ස්තුතිවන්ත වන්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.

ගංගාරාමාධිකාරි අස්සජි හිමියෝ මේ අදහස් පළ කළේ ගංගාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ අලියෙකු බලා ගැනීම සඳහා මසකට රුපියල් ලක්ෂ තුනක් වැය වන අතර පසුගිය සමයේ රජය භාරයට ගත් අලි පැටවුන් 40 දෙනා බලා ගැනීම සඳහා රජය මසකට රුපියල් ලක්ෂ 120 ක් පමණ මාසිකව වැය කර ඇතැයි ද කියා සිටියහ.

ගෘහස්ත අලි ඇතුන් ඇත්තේ 104 දෙනෙකු පමණකැයි ද, ඔවුන් වෙනුවෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රය ඉතා අනගි එකක් බව ද කී අස්සජි හිමියෝ ගෘහස්තව අලියෙකු හැදීමේ දී ගොව්වා හැසිරිය යුතු පිළිවෙල පවා  දක්වා ඇති එම ගැසට් පත්‍රය හේතුවෙන් ගෘහස්ත අලි ඇතුන්ගේ රැකවරණය ස්ථිරසාර ලෙස සැළසෙන්නේ යැයි ද කියා සිටියේය.

SendShareShare
Previous Post

බිල් නොගෙව්වොත් අඛණ්ඩව විදුලිය දෙන්න බැරිවෙයි!

Next Post

මඩකලපුවේ කලපු ගොඩ කරයි! අමරවීර වාර්තාවක් ඉල්ලයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.