• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතිවිරෝධීව උපයාගත් දේපොළ අත්පත් කරගන්න අද සිට පොලිසියට තවත් ලොකු බලයක් ලැබෙයි! I Sri Lanka Latest News

October 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද (20) පෙරවරුවේ කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලේදී විවෘත විය.Sri Lanka Latest News

ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙනි.

මෙම නව විමර්ෂන කොට්ඨාසය ස්ථාපිත කෙරෙනුයේ 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විදි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහාය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ යම් කිසි අයෙකු නීති විරෝධීව යම් ආකාරයකින් මුදල් උපයා බොහෝ දේ අත්පත් කර ගැනීමට උත්සාහ දරන්නේ නම් මෙම පනත මගින් එය මැඩ පැවැත්වීමේ හැකියාව ලැබෙන බවය.

එමෙන්ම මෙම පනත හරහා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමද යම් ආකාරයකට මැඩ පැවැත්වීමේ හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

“මේක සුවිශේෂී පනතක් හැටියට හඳුනා ගන්න පුළුවන්. මේ හරහා නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉඩ ලැබෙනවා. ඊට අවශ්‍ය සියලුම බලතල ලබා දීලා තියෙනවා. දැන් මේ රටට පුළුවන් අලුත් පනත් නැතත් මේ පනත හරහා සංවිධානාත්මක අපරාධත්, මත්ද්‍රව්‍යත් යම් ප්‍රමාණයකින් මැඩ පවත්වන්න. අයෙක් නීති විරෝධී ආකාරයකින් මුදල් උපයලා ඔහු බොහෝ දේ අත්පත් කරගන්න උත්සාහ කරනවානම් ඒ උත්සාහයන් සියල්ල මේ පනත හරහා ව්‍යාර්ථ කරන්න හැකියාව ලැබෙනවා.”

එමෙන්ම මෙම අවස්ථාවට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ මෙපමණ බලයක් ලැබුණු පනතක් මින් පෙර නීති පද්ධතිවල නොතිබූ බවත් මේ වන විට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලදාරීන්ට උපරිම බලය ලැබී ඇති බවත්ය.

ඒ අනුව සියලුම පොලිස් නිලධාරීන් මෙම බලය අවභාවිත නොකර මහජනතාවගේ යහපත මෙන්ම රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා ලැබී ඇති මෙම බලය ක්‍රියාත්මක කරන ලෙසත් පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද සිදුකළේය.

එහිදී අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,

“මෙච්චර බලයක් හම්බුණ පනතක් දැනට නීති පද්ධතිවල නෑ. පොලිස් නිලධාරීන්ට උපරිම බලය තියෙනවා හැබැයි බලය අවභාවිත කරන්න එපා. මේ බලය මහජනතාවගේ යහපත වෙනුවෙන්, රටේ තියෙන නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා මේ බලය ක්‍රියාත්මක කරන්න.”

SendShareShare
Previous Post

පවිත්‍රලාගේ-ජයසුමනලාගේ-කෙහෙළියලාගේ කාලේ වෙච්ච දූෂණ වංචා හොයාගෙන යද්දි නිලධාරීන් වැඩේ යට ගහලා! බාල බෙහෙත් සිද්ධිය පළමුවරට රටට හෙළිකරලා කෙහෙළිය ඇතුළට යවන්න මුල්වුණු දොස්තර චමල් සංජීව අද නිලධාරීන්ට එරෙහිව CIDයට යයි! I Sri Lanka Latest News

Next Post

අනුර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එන්න කියයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.