බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ,2024 වර්ෂයේදී, බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු බන්ධනාගාරගත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, තවදුරටත් එහි නේවාසිකව රඳවාගෙන ප්‍රතිකාර සිදු කිරීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 1,500,000ක් ඉල්ලා ඉන් රුපියල් 300,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
වෛද්‍ය හේමන්ත රණසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (13) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.









