සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ඇතැම් අවස්ථාවල පුවත් නිසියාකාරව වාර්තා නොකිරීම නිසා සමාජයේ අසත්‍ය තොරතුරු වේගයෙන් පැතිරීම සිදු වෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගැන කතිකාවතක් නිර්මාණය වී ඇති සමයක ඒ සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයයි මේ.Sri Lanka Latest News
සමාජ මාධ්‍ය සටහන් :
ඔන්ලයින් සේෆ්ටි පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බවට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ මෙලෙසින්.
මතභේදයට තුඩු දී ඇති ඔන්ලයින් ආරක්ෂණ පනත යටතේ පළමු අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් සිදු කර ඇති බව ට අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බවට ඉංග්‍රීසි මාධ්‍යයෙන් Daily Mirror නිල ෆේස්බුක් පිටුව දක්වා තිබුණේ මේ අයුරින්.
සමාජ මාධ්‍යයෙන් මඩ ගහපු පුද්ගලයෙක් අත්අඩංගුවට…”ඔන්ලයින් පනත ගෙනාවේ මේකට තමයි” යනුවෙන් අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බවට අද දෙරණ පුවත් නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසින්.
එම පුවත ඉංග්‍රීසි මාධ්‍යයෙන් NewsWire නිල ‘X’ ගිණුමේ පළ කර ඇති බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

මෙය නිරවද්‍යතාව පිළිබඳ විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online safety bill) යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බව ට දක්වා තිබූ ඉහත සටහන් ප්‍රධාන මාධ්‍ය ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය වල පළ කර තිබූ වීඩියෝ අප ප්‍රථමයෙන් පරීක්ෂා කළා.
නමුත් එම වීඩියෝ වල ද, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ පුද්ගලයෙකු අත්ඩංගුවට ගනු ලැබූ බවට අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් කළ බව ට දැක ගන්නට නොලැබුණි.
මේ හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉහත ප්‍රකාශය කළ බවට දක්වා තිබූ යුක්තිය මෙහෙයුම පිළිබඳ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පානදුර පොලිස් ප්‍රදේශයේ පැවැති විශේෂ වැඩමුළුවේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා සිදු කළ සම්පූර්ණ කතාව පිළිබඳ අප පරීක්ෂා කළෙමු.
අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන්නේ, ‘යුක්තිය’ රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුමක් වන අතර අප ආරම්භයේදී ඉලක්ක කල පරිදිම මේ වන විටත් රට තුළ විශාල වෙනසක් සිදුවී තිබෙනවා. අගනුවර සහ ඉන් පිටත කිසිදු භේදයකින් තොරව ජනතාවගේ විශාල ආශිර්වාදයක් මේ වෙනුවෙන් ලැබෙන බව ත්, එය විශාල ශක්තියක් බව ත් ය. පක්ෂ පාට ආගම් භේදයකින් තොරව ක්‍රියාත්මක කරන මේ මෙහෙයුම ට ද දේශපාලනය ගාවා ගැනීමට ඇතැම් දේශපාලනඥයින් උත්සාහ කරන බව ත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකුගෙන් විමසීම් කරද්දි, සමාජ මාධ්‍ය භාවිතා කරමින් එකිනෙකාට අපහාස කිරීමට එම පුද්ගලයාට ලක්ෂ හතරකට අධික මුදලක් ලබා දුන් බව එම පුද්ගලයා පැවසූ බව ත්, ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කළේ ඩොලර් වලින් මේ මුදල් ලබා දුන්නේ දේශපාලනඥයෙකු බවයි.
නමුත් මෙම අවස්ථාවේ කිසිදු විටක එම අත්අඩංගුවට ගනු ලැබුවේ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online safety bill) යටතේ බවට අමාත්‍යවරයා විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කරන්නේ නැත. මෙහිදී ජනතාව යුක්තිය මෙහෙයුමට සහය දක්වන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. එම සාකච්ඡාව ආරම්භයේ පටන් යුක්තියේ මෙහෙයුම සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් දක්වනු ලබයි.
(එම කොටස 10.56 සිට 12.36
අමාත්‍යවරයා මෙහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online safety bill) පිළිබඳව අදහස් දක්වන අතර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ජාලා යුක්තිය මෙහෙයුම වැනි වැඩපිළිවෙළවල් අඩපණ කිරීම සඳහා භාවිත කරන බව ත්, ඒ සඳහා නීති රීති අවශ්‍ය වී තිබුණු බව ත්, ඒ හේතුවෙන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පණත ගෙන ආ බව ත් සඳහන් කරනවා.
සමාජ මාධ්‍ය වැරදි ආකාරයෙන් භාවිතා කරන බොහෝ දෙනකු ඒ පිළිබඳ කලබලයට පත්වී ඇති බව ත්, ජාත්‍යන්තරයේ ඇතැම් පුද්ගලයින්ට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට මෙහෙයවන්නේ සමාජ මාධ්‍ය හරහා බව ත්, රජයක් පෙරළීම සඳහා වුවත් සමාජමාධ්‍ය භාවිතා කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඔවුන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වී,පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී, රට කඩා වැටීමයි. එම අරමුණින් කටයුතු කරන පිරිස් මේ පනතට විරුද්ධව විවිධ ප්‍රකාශ සිදු කරනවා. මේ පනත ගැටලුවක් වන්නේ සමාජ මාධ්‍ය වැරදි ආකාරයෙන් හසුරුවන පිරිසට පමණ බව ත් වැඩි දුරටත් අමාත්‍යවරයා සඳහන් කරනවා. එම අදහස් දැක්වීම ඉහත වීඩියෝවේ 13.26 සිට නැරඹිට හැක.
මහජන ආරක්ෂක අමාත්‍ය
අප මේ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ද, විමසීමක් කළ අතර අමාත්‍යවරයා පැවසුවේ, තමන් කිසිදු අවස්ථාවක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online safety bill) යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ නොකළ බව ත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ දේශපාලනඥයෙකු විසින් ඔහුට මුදල් ලබා දෙන බවට අනාවරණය කිරීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලනඥයින් මෙවැනි පුද්ගලයින් යොදා ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාකරන බව පමණක් තමන් පෙන්වා දුන් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළ අතර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මාර්ගගත ආරක්ෂණ පනත යටතේ ශ්‍රී ලංකා පොලිසිය කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසුවේ.
එම පනත මගින් අත්අඩංගුවට ගත්තේ යැයි මාධ්‍ය මගින් වාර්තා කරන ලද සිදුවීම පරිගණක අපරාධ නීතිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ අත්අඩංගුවට ගැනීමක් බව ත්, මීට පෙර සිටම අදාළ පැමිණිලි සඳහා විමර්ශනයන් මෙහෙයවන බව ත් ඔහු සඳහන් කළා.
මාර්ගගත ආරක්ෂණ පනත යටතේ පිහිටුවිය යුතු කොමිසම හෝ ස්ථාපිත කර නොමැති තත්ත්වයක් යටතේ එමගින් කිසිවකු අත්අඩංගුවට ගත නොහැකි බව ද තහවුරු කළා. එමෙන් ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද, එම පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ද, ප්‍රකාශ නොකරන බවයි තල්දූව මහතා පෙන්වා දෙන්නේ.
factcrescendo










