සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.Sri Lanka Latest News
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටියේය.
එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරන යූ ඩී එන් ජයවීර මහතා පත් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.










