පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන යෝජිත ඇමෙරිකානු ඩොලර් මිලියන 550ක වියදමින් යුත් (රුපියල් බිලියන 110) නව කැලණි පාලම (NKB) චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් (CHEC) ආයතනය වෙත ප්‍රදානය කිරීම සම්බනධයෙන් සාකච්ජා ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.
මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ඒ සම්බන්ධයෙන් බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.
වියදම් අධික දැවැන්ත ව්‍යාපෘති නිල වශයෙන් අත්හිටුවන ලෙසට ආණ්ඩුව උපදෙස් ලබා දී තිබියදීත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මෙසේ නිලධාරීන් පිරිසක් බලපෑම් කිරීම විශේෂ සිදුවීමකි.
ඇතැම් ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ මෙම මූල්‍ය ගිවිසුමේ කොන්දේසි නාගරික සංවර්ධන අධිකාරිය වෙත “දැඩි අවාසිදායක” බවයි.
ණය පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට වහාම චයිනා එක්සිම් බැංකුවෙන් හෝ වෙනත් මූලාශ්‍රවලින් ණය ලබා ගත නොහැකි බැවින්, CHEC ආයතනය මගින් මෙම අරමුදල් සපයා ගැනීමට මෙම පිරිස සැලසුම් කර ඇති බව පැවසේ.
පාරිසරික හේතූන් මත රාජගිරියේ සිට අතුරුගිරිය දක්වා කොටසට එරෙහිව අධිකරණ කටයුතු අවසන් තීරණය කරන තෙක් ක්‍රියාවලිය අත්හිටුවීමට දැනටමත් නියෝගයක් නිකුත් වී තිබියදීත් මෙම කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
තලංගම තෙත් බිමේ කොටසක් වන ඇවරිහේන වැව සහ ඒ අවට වෙල්යාය හරහා මෙම කොටසේ කිලෝමීටර 3 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම මාර්ගය ගමන් කරයි.










