මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආසන්න විශාල භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විරෝධය පළ කරයි.
විෂය භාර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා විසින් පාර්ලිමේන්තු කළ අදහස් දැක්වීමට විරෝධය පළ කරමින් ඔහු සඳහන් කළේ වහාම ඒ ගැසට්ටුව ඉවත් කළ යුතු බවයි.
ආණ්ඩුවක් ලෙස නැති ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
මෙම ගැසට් නිවේදනය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවද දැඩි කුතුහලයට පත්ව ඇති බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.









